25 C
Colombo
Monday, May 20, 2024

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා රිට් පෙත්සමක්

- Advertisement -

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය වලක්වා නොගැනීමට වගකිය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අද අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ ශැංග්‍රිලා බෝම්බයෙන් තම පුතු මිය ගිය සුරාජ් නිලංග මහතා එක්ව නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය මගින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා.

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසට නිර්දේශ ලබාදී ඇති බවත්, පාස්කු ප්‍රහාරය ගැන පැවැති මූලික අයිතිවාසිකම් නඩුවල තීන්දුව ලබා දෙමින් මෙම ප්‍රහාරය වලක්වා නොගැනීමට නිලන්ත ජයවර්ධන වගකිව යුතු බවට තීන්දු කළ බවත් මෙම රිට් පෙත්සමේ සඳහන්.

එමෙන්ම, මෙම ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධනට අපරාධ වගකිමක් ඇතැයි ද, ඔහු ගැන විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් පොලිසියට පැමිණිලි දෙකක් යොමු කර පසුව එන්තරවාසියක් ද යොමු කළත් අපරාධ විමර්ශනයක් සිදු නොවූ බවද පෙත්සමේ දැක්වෙනවා.

ඒ අනුව, අදාළ පැමිණිලි විමර්ශනය කරවා අධිකරණයමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිට සහ පොලිස්පතිට නියෝග කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා තිබෙනවා.

මේ අතර, පෙත්සම් ගොනු කිරීම සඳහා අධිකරණයට පැමිණි සමාජය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ අදහස් පළ කළා.

“පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම පිළිබඳ දීර්ඝ කාලයක සිට දැනගෙන සිටිමින්, ඔවුන් ප්‍රහාරයක් එල්ල කරන බවට 2019 අප්‍රේල් මාසයේ විදෙස් තොරතුරුකරුවන් දෙදෙනකුගෙන් ලැබුණු බුද්ධි තොරතුරුවලට නිසි ප්‍රමුඛස්ථානයක් නොදී කටයුතු කිරීම නිසා අප්‍රේල් 19 වැනිදා ලංකාවේ ස්ථාන කිහිපයක බෝම්බ පිපිරීම් සිදුවී පුද්ගලයෝ 267ක් තුවාල වුණා.. තවත් 400කට වැඩි පිරිසක් බරපතල තුවාල ලැබවා.  ඒ අනුව මේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන මහතාට අපරාධ වගකීමක් තිබෙන බැවින් විමර්ශනයක් සිදු කර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් අදාල සාක්කිද සමග පොලිස් මූලස්ථානයට පැමිණිලි දෙකක් සිදු කළත් එම පැමිණිලිවලට අදාලව කිසිම විමර්ශනයක් සිදුවුණෙ නෑ.  පැමිණිලි විමර්ශනය නොකිරීම ගැන පොලිස්පතිට නීතිඥවරයකු මාර්ගයෙන් එන්තරවාසියක් යොමු කළත් ඊට ද කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.  ඒ අනුව නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා මෙම රිට් පෙත්සම ගොනු කිරීමට අපට සිදු වුණා.

මෙම ප්‍රහාරය මෙහෙයවූයේ කවුරුන්ද යන්න ගැන මේ වන විට සමාජයේ විශාල සාකච්ඡාවක් තියනව⁣. එවැනි තත්ත්වයක ප්‍රහාරය වලක්වා නොගැනීම සිදුවන්නේ ද පාස්කු ප්‍රහාරය මෙහෙයවූවන්ගේ බලපෑමක් මතද එසේ නැතිනම් ප්‍රහාරයට සහායක් ලබාදීමේ අරමුණෙන්ද යන්න බරපතල සැකයට තුඩුදෙන කරුණක්. මෙම ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ වීම සඳහා පමණක් නෙමේ  මෙවැනි ම්ලේච්ඡ ඝාතන නැවත සිදු වීම වලක්වා ගැනීම සඳහාත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කර නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක්. මෙය සංවිධානවල හෝ පුද්ගලයන්ගේ බලපෑම් මත සිදු කළ යුත්තක් නෙමේ. හරිනම්  ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන ස්වේච්ඡාවෙන්ම විමර්ශන කළ යුතුයි. පොලිසිය තම ව්‍යවස්ථාපිත වගකීම ඉටු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස පොලිසියට එරෙහිව නියෝගයක් ගැනීම සඳහා පුරවැසියන් ලෙස අපට අධිකරණයේ පිහිට පැතීමට සිදුවෙලා තියනවා.”

මෙම නඩුව ගොනු කීරිම සඳහා නීතිඥ සුරේන් ඩී පෙරේරා, නීතිඥ මනුෂිකා කුරේ ඇතුළු නීතිඥවරු පිරිසක් මෙන්ම සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් ද පැමිණ සිටියා.

RECENT ARTICLES - SINHALA

සාපෙළ ලියද්දී අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතරතුර අසාධාරණයකට ලක් වූ සිසුන් පිරිසක් අද (20) ප්‍රකාශ ලබාදීම සඳහා මානව හිමිකම්...

කළුතර වෙඩි තැබිමක්

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා. ටී-56 ගිනිඅවියකින් නිවස තුළ...

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...