26 C
Colombo
Tuesday, May 7, 2024

රෝහලට පැමිණ තරුණයකු ඝාතනය කරලා

- Advertisement -

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු තියුණු  ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ රෝහලේ 66 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු එලෙස මියගොස් ඇති බවයි.

අද (28) අලුයම වාට්ටුවට පැමිණි පුද්ගලයෙකු ඔහුගේ අත හා කකුලකට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබෙන බවට වාර්තා වෙනවා.

ඉන් තුවාල ලැබු තරුණයා අධික රුධිර වහනය හේතුවෙන් අද  පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

මියගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

තරුණයින් තිදෙනෙකු අතර මැදවච්චිය ප්‍රදේශයේ දී ඇති වූ ගැටුමකින් අනතුරුව තුවාල ලබා සිටි අදාළ තරුණයා මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර ඒවා අති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...