25 C
Colombo
Sunday, May 19, 2024

මහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටී තරුණියක් අභිරහස් ලෙස මරුට

- Advertisement -

ගල්කිස්සේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් 27 හැවිරිදි තරුණියක් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඇය එංගලන්තයේ පුරවැසිභාවය හිමි තරුණියක් වන අතර තම 29 හැවිරිදි පෙම්වතා සමග එහි මාස 6ක පමණ කාලයක් මෙම මහල් නිවාස සංකීර්ණයේ රැඳී සිට ඇති බවට තොරතුරු අනාවරණය වු බව පෙලිසිය පවසනවා.

ඇය හෙට (10) දින විදෙස්ගතවීමට සූදානමින් සිටි බවද සදහන්.

අද (09) අලුයම 2.40ට පමණ ගල්කිස්ස, අල්විස් මාවතේ පිහිටි මහල් නිවාසයක 13 වැනි මහලෙන් තරුණියක් ඇද වැටී මියගොස් ඇති බවට ගල්කිස්ස පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

වැල්ලවත්තේ පදිංචි 29 හැවිරිදි නීති ශිෂ්‍යයෙකු වන සිය පෙම්වතා හමුවීම සඳහා පසුගිය මාර්තු මස 8 වනදා ඇය දිවයිනට පැමිණ තිබෙනවා.

එම තරුණයා ද ස්විට්සර්ලන්තයේ අධ්‍යාපනය ලබන අතරතුර එම තරුණයා පසුගිය වසරේදී මෙරටට පැමිණ තිබෙන අතර දෙදෙනා අදාළ මහල් නිවාස සංකීර්ණයේ එකට දිවි ගෙවා තිබෙන බව පොලිසිය සඳහන් කළා.

ඔවුන් දෙදෙනා ෆේස්බුක් ඔස්සේ ප්‍රේම සම්බන්ධතාව ගොඩනගා ගෙන තිබෙනවා.

පොලීසිය පෙම්වතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, ඊයේ රාත්‍රියේ දෙදෙනා අතර ආගම සම්බන්ධයෙන් සුළු බහින්බස්වීමක් ඇති වූ බවත් ඊයේ දහවල් බීර කෑන් 6ක් පමණ පානය කර සිටි බවත් රාත්‍රියේ නින්දට යෑමෙන් පසුව තම පෙම්වතියගේ කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමේදී ඇයගේ මළසිරුර දුටු බවත් ඔහු පොලීසිය හමුවේ පවසා තිබෙනවා

අනතුරුව අද දහවල් සිද්ධිය වූ ස්ථානය ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය විසින් පරික්ෂා කරනු ලැබුවා.

පොලීසිය පැවසුවේ හෙට (10) දිනයේදී සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මෙය ඝාතනයක් ද සියදිවි නසාගැනීමක් ද යන්න පිළිබඳව අනාවරණය කරගෙන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

RECENT ARTICLES - SINHALA

යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරලා

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා...

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා...

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...