ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට සිදු කළ ඉන්ධන මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් බස් සහ ත්‍රිරෝද රථවල ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව එම සංගම් පවසනවා.
ඩීසල් මිල රුපියල් 27 කින් අඩු කළ ද බස් ගාස්තු අඩු කිරීමක් සිදුනොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
මේ අතර ත්‍රිරෝද රථ සංගම් කියා සිටියේ කළින් කළට සිදු කරන ඉන්ධන මිල සංශෝධනයන් හමුවේ ත්‍රිරෝද රථ ගාස්තුව අඩු කරන ප්‍රමාණය ගැන ප්‍රකාශ කිරීමට නොහැකි බැවින් මෙම අවස්ථාවේදී කුලී රථ ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.