26 C
Colombo
Saturday, May 18, 2024

හූති කැරලිකරුවන්ගෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්.ලාංකිකයින් දෙදෙනෙකුත් නෞකාවේ

- Advertisement -

රතු මුහුදේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් තුන්දෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වනවා.

අමෙරිකානු ආරක්ෂක අංශ නිවේදනය කළේ, ඉන් තවත් 4 දෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි.

යේමනයේ ඒඩන් වරායට නාවික සැතපුම් 50 ක් ඔබ්බෙන් වූ මුහුදේදී බාබඩෝස් ධජය සහිතව යාත්‍රා කළ නෞකාවට එලෙස ප්‍රහාර එල්ල වී තිබුණා.

ප්‍රහාරය එල්ල වනවිට එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු සහ පෞද්ගලික ආරක්ෂක සමාගම් විසින් යොමු කළ ආරක්ෂක සාමාජිකයින් තුන්දෙනෙකු සිට තිබෙන අතර ඉන් දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයින් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නේපාල ජාතිකයෙකු,වියට්නාම ජාතිකයින් 4ක්, පිලිපීන ජාතිකයින් 15ක් සහ ඉන්දියානුවෙකු කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

යාත්‍රාව ගිනි ගනිමින් ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කළා.

විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කළේ නෞකාවේ සිටි සෙසු සාමාජිකයින් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...