ජපානයේ දුම්රියක් තුළ දී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ දුම්රිය කාර්යය මණ්ඩල නිලධාරියෙකු සහ මගීන් දෙදෙනෙක් බවයි සඳහන් වන්නේ.
කෙසේවෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයා ජපාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කුමන හේතුවක් මත මෙම පහරදීම සිදුකළේ ද යන්න පිළිබඳ අනාවරණය වී නොමැති බව ආරක්ෂක අංශ පවසනවා.