32 C
Colombo
Friday, June 2, 2023

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

- Advertisement -

මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ජූරියේ කුසලතා සම්මානයට පාත්‍ර වුණා.

ඒ ඔහු විසින් නිෂ්පාදනය කළ ටෙලිවිෂන් ටෙලි වැකිය වැඩසටහනටයි.

සියත ටෙලිවිෂන් ටෙලි වැකිය වැඩසටහන දැඩි ප්‍රේක්ෂක අවධානයක් ලබාගෙන තිබුනද මෙම වැඩසටහන හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවූවා යැයි මේ වන විටත් චෝදනාවක් එල්ලවී තිබෙනවා.

මීට දැඩිව විරෝධය පලකරමින් මාධ්‍ය සංවිධාන කිහිපයක්ම විසින් නිවේදන නිකුත් කර තිබූ අතර ශ්‍රී ලංතා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනය කළේ ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීමට සූදානම් වන්නේ නම් මෙම ගැටළුව ජාත්‍යන්තරය දක්වා රැගෙන යන බවයි.

2008 වසරේ දෙසැම්බර් 28 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට කඩාවැදුනු එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වූ මර්වින් සිල්වාගේ බිහිසුනු ප්‍රහාරයකට ලක්ව ලාල් හේමන්ත මාවලගේ මාධ්‍යවේදියා ඉතා අසීරුවෙන් දිවි බේරාගත් අයෙක් වනවා.

 අද වන විටත් ඔහුට එල්ල කළ ප්‍රහාරයට විධිමත් පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටු නොකර තිබීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

සංචාරක මඟ පෙන්වන්නෙකු අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

සංචාරක මඟ පෙන්වන්නෙකු ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලීසිය කියා සිටියේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තඩියා යන අන්වර්ථ...

චාමර සම්පත්ගේ ආයතන තුනක් රනිල් යටතට ගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ අමාත්‍යාංශ යටතේ තිබූ ප්‍රධාන ආයතන 3ක් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...