33 C
Colombo
Sunday, May 5, 2024

කාන්තාවන්ට සිදු වූ අපරාධ ගැන ලියූ පුවත් පිටුවලින් පිළිමයක්

- Advertisement -

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Ogilvy Sri Lanka සහ, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා කටයුතු කරන Women In Need (WIN) සංවිධානය එක්ව සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (08) පිටකොටුවේ පැවැත්වුණා.

“Masterpiece of Abuse” යනු හිංසනය පිළිබඳව සහ හිංසනයේ ගොදුරු බවට පත්වී ඉන් ගැලවුණු කාන්තාවන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම අරමුණු කර ගනිමින්, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නිරාවරණය කරනු ලබන මූර්තියක් වන අතර කාන්තාවන්ට මුහුණ දීමට සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ අපයෝජනයන් පිළිබඳ කරුණු ඇතුළත් පුවත්පත් පිටු යොදාගෙන මෙම මූර්තිය නිර්මාණය කර තිබෙනවා.

කාන්තා දිනයේදී පමණක් මාධ්‍යයන් හි කතිකාවට ලක්වන සුබපැතුම් හා බලගැන්වීමට වලට වඩා ප්‍රබල ලෙස ‘අත්හැරීමේ කලාව’ (forsaken art) මගින් වසර පුරා අපයෝජනයට හා හිංසනයට ලක්වන කාන්තාවන්ගේ යථාර්ථය සමාජයට නිරූපණය කිරීම මෙහි අපේක්ෂාව වී තිබුණා.

දිවයින පුරා කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන මෙම ගැටලු මෙන්ම, ඒවාට මුහුණ දුන් කාන්තාවන් එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන දුෂ්කර අභියෝගයන් පිළිබඳව මෙහිදී ජනතාවගේ අවධානයට යොමු කෙරුණා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...