29 C
Colombo
Saturday, July 27, 2024

සාම්පූර් පිරිස අත්අඩංගුවට ගත්තේ කැඳ බෙදපු නිසා නෙමෙයි – පොලීසිය

- Advertisement -

ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේදී පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ත්‍රිකුණාමලය, සාම්පූර්හිදී මිය ගිය ඥාතීන් සිහි කර කැඳ බෙදූ බව කියන පිරිසක් අත්අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල දක්නට ලැබුණා.

පොලීසිය පවසන්නේ අධිකරණ නියෝග කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට ගත් බවයි.

එසේ අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සහ සැකකාරියන් තිදෙනා මැයි 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ, එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් මිය යාම සැමරීම සඳහා නැගෙනහිර පළාතේ පොලිස් වසම් කිහිපයක සැමරුම් උත්සව සංවිධානය කිරීමට සුදානම් වන බවට බුද්ධි අංශ මඟින් පොලිසිය වෙත දැනුම් දී තිබු බවයි.

ඒ අනුව, ත්‍රීකුණාමලය සාම්පූර් පොලිස් වසමේ මෙවැනි සැමරුම් උත්සවයක් පැවැත්වෙන බවට ලැබී තිබූ තොරතුරු අනුව සාම්පූර් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මූතූර් ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීම නීති විරෝධී ක්‍රියාවක් වන බැවින් එය තහනම් කරමින් තහනම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කළ බවද පොලීසිය අදාළ නිවේදනයෙන් පෙන්වා දෙනවා.

එහිදී, මෙවැනි සැමරුම් උත්සවයක් සුදානම් කර තිබු ස්ථානයකට සාම්පූර් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ගොස් එම පිරිසට අධිකරණ නියෝගය පෙන්වා එය දැනුම් දීමට කටයුතු කිරීමේදී, එම අධිකරණ නියෝගය ඔවුන් පිළිනොගන්නා බව පවසා එය ප්‍රතික්ෂේප කරමින් අධිකරණ නියෝගය භාර නොගෙන පසුව සැමරුම් උත්සවය පැවැත්වීමට කටයුතු සිදු කර ඇති බවද පොලීසිය පවසනවා.

පොලීසිය තවදුරටත් සඳහන් කර ඇත්තේ, අධිකරණ නියෝගය කඩ කරන ලද සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා ඇයගේ නිවසට ගිය අවස්ථාවේ සැකකාරියගේ දියණිය තම ගෙලට පිහියක් තබා ගෙන ඇය සියදිවි නසා ගන්නා බවට පවසමින් පොලිසිය වෙත තර්ජනය කර ඇති බවයි.

ඒ අනුව, පොලිසිය විසින් එම තත්ත්වය පාලනය කර එම ස්ථානයේ සිටි සැකකරුවෙකු සහ සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද එම නිවේදනයේ සඳහන්.


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...