31 C
Colombo
Friday, April 19, 2024

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 160ක්

- Advertisement -

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් 160 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඒ බව තහවුරු කර සිටිනවා.

අදාළ ආසාදිතයින් පිරිස එම විශ්වවිද්‍යාලයේ රසායනාගාරය මගින් සිදුකළ පර්යේෂණ තුළින් හඳුනාගත් බවයි ඔහු සඳහන් කර සිටින්නේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 208 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, එන්නත්කරණයෙන් සැපයෙන ආරක්ෂාව හේතුවෙන් ඔමික්‍රෝන් වැලඳෙන වැඩිහිටියන් බහුතරයකට දරුණු රෝගාබාධ ඇතිවීමේ අවදානම අඩු බවට ඉහළ විශ්වාසයක් පවතින බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසනවා.

මේ අතර, කොවිඩ් වැලඳීමෙන් පසු අවදානම දෙගුණ කරන සුවිශේෂී වූ ජානයක් සොයා ගැනීමට පෝලන්ත විද්‍යාඥයින් පිරිසක් සමත්වී තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ වැඩි අවදානමක් සහිත කොවිඩ් රෝගීන් හඳුනාගෙන එන්නත් ලබාගැනීමට ඔවුන් දිරිගැන්වීමට මෙමගින් මහත් පිටුවහලක් ලැබෙන බවය.

යුරෝපයේ ජනගහනයෙන් සියයට 8ත් – 9ත් අතර පිරිසක් තුළ, පෝලන්ත ජනගහනයෙන් 14%ක සහ ඉන්දියානුවන්ගෙන් 27% මෙම ජානය පවතින බව හෙළිවී තිබේ.

RECENT ARTICLES - SINHALA

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

ලංකාවෙන් යුක්රේන් යුද්දෙට කුලී හේවායන් යැවූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු වූ විශ්‍රාමික මේජර්වරයකු සහ රැකියා ඒජන්සිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

ස්වයං රැකියාලාභීන්ට විශ්‍රාම වැටුපක්

ස්වයං රැකියාවල නිරත වන්නන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට සැලසුම් කර ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...