30 C
Colombo
Wednesday, May 22, 2024

කෝටියක අල්ලස් ගැනීමේ සිද්ධියට තවත් පොලිස් පරීක්ෂකවරයෙක් රිමාන්ඩ්

- Advertisement -

කොල්ලුපිටියේ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් පරීක්ෂකවරයෙක් ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව, පොලිස් වංචා විමර්ශන අංශයේ, තවත් සැරයන්වරයෙකු ඊයේ (03) අත්අඩංගුවට ගනු ලැබුවා.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (03) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එම සැකකරු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

මෙම සිද්ධියට අදාළව මීට පෙර කාන්තාවක් ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

එසේම සිද්ධියට අදාළව වංචා විමර්ශන අංශයේ තවත් සැරයන්වරයෙකු ද ලබන 15 වන දා දක්වා ඊයේ (02) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


RECENT ARTICLES - SINHALA

අලි මරණ නවත්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්  

දිවයින පුරා සිදුවන අලි ඇතුන්ගේ මරණ වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය...

ධීවර ප්‍රජාවන්ට විශේෂ දැනුම්දීමක්

අද දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර...

මියගිය පුද්ගලයකුගේ දේහය භාරගන්න බිරින්දෑවරු 4ක්

රිය අනතුරකින් මිය ගිය පුද්ගලයකුගේ මෘත දේහය භාර ගැනීමට භාර්යාවන් සිව් දෙනකු ඉදිරිපත් වී තිබෙනවා. කුලියාපිටිය වෛද්‍ය පීඨය අසල යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී සිදුව...

POPULAR ARTICLES

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...