27 C
Colombo
Thursday, May 2, 2024

අනුර – ඩලස් හමුවක්(වීඩියෝ)

- Advertisement -

ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාවේ මන්ත්‍රවරු පිරිසක් අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් සමඟ ඊයේ (25) විශේෂ සාකච්ඡාවක නිරතව තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේදී මෙම හමුව පැවැත්වු බවට වාර්තා වෙනවා.

නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පරෙුම, ඩිලාන් පෙරේරා, මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන් කිහිප දෙනෙකු අතර මෙම සාකච්ඡාව පවත්වා තිබු බවයා සඳහන් වන්නේ.

ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දමන බවත් ඊට එරෙහිව ගත යුුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කර තිබෙනවා.

නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අදහස් දැක්වමින් සඳහන් කළේ,

“අද අපේ සාකච්ඡාව ඉතාම සාර්ථකයි කියලා හිතනවා. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පාලකයන්ට යම් දේශපාලනික පණිවිඩයක් ලබා දෙන්න මේ එකඟතාවයන් ඇතුලේ අපිට පුළුවන්කමයි ලැබෙයි කියලා.”

මෙම හමුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා,

“මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම සඳහා යම් එකඟතාවයකින් වැඩ කරන්න පුළුවන්ද කියලා සාකච්ඡාව අද නිදහස ජනතා සංවිධානය සහ අපි අතර සිද්ධ වුණා. එකෙ දී ඉතාමක් සුබදායි ප්‍රතිඵල තිබෙනවා. අපි උත්සහ කරනවා රනිල් මැතිවරණ කල් දැමීමට දරන උත්සහාය පරාජයට පත් කිරීම සඳහා මෙරට ප්‍රගතිශීලි ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමඟ කටයුතු කරන්න.”

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...