29 C
Colombo
Wednesday, May 8, 2024

ඇපල් ෆෝන් හාල්වල දාන්න එපා! සමාගමෙන් අනතුරු ඇඟවීමක්

- Advertisement -

දුරකථන වියළා ගැනීම සඳහා බොහෝ පුද්ගලයන් අනුගමනය කරන ජනප්‍රිය උපක්‍රමයක් සම්බන්ධයෙන් ඇපල් අයිෆෝන් භාවිතා කරන්නන්ට අනතුරු අඟවා තිබෙනවා.

ඇපල් සමාගම පවසන්නේ ඔබේ දුරකථනය කිසියම් අවස්ථවක ජලයෙන් තෙමීමට ලක් වූයේ නම් එය සහල් බඳුනක බහා තැබීම නොකළ යුතු බවයි.

දුරකථනයක් ජලයෙන් තෙත් වූ විට එය සහල් බඳුනක බහා තැබීම ඉතා ජනප්‍රිය උපක්‍රමයක් වුවත් එය සාර්ථක උපක්‍රමයක් නොවන බව පරීක්ෂණවලින් හෙළි වී ඇති බව ඇපල් සමාගම පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම උපක්‍රමය අනුගමනය කිරීමේදී කුඩා සහල් අංශු මඟින් දුරකථනයට හානි විය හැකි බවටද ඇපල් සමාගම අනතුරු අඟවනවා.

ඒ අනුව, දුරකථනය වියළා ගැනීමට අනුගමනය කළ හැකි ආරක්ෂිත උපක්‍රම සඳහන් කරමින් ඇපල් සමාගම විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් පියවර මෙසේයි,

පළමුව ඔබේ දුරකථනයෙන් කේබලය ඉවත් කර එය සම්පූර්ණයෙන්ම වියළෙන තෙක් නැවත සම්බන්ධ නොකර සිටීමට වග  බලාගන්න.

යම් දියරයකින් දුරකථනය තෙත් වී ඇත්නම් දුරකථනයේ සම්බන්ධකය පහළ අතට තබා අතින් මෘදු ලෙස දුරකථනයට තට්ටු කරන්න.

මීළඟට දුරකථනට වියළෙන තෙක් එය වියළි, වාතය ගලා යෑමක් සහිත ස්ථානයකින් තබා ඉන් අනතුරුව අවම වශයෙන් මිනිත්තු 30කට පසු,  USB-C කේබලයක් භාවිතයෙන් හෝ වෙනත් උපාංගයක් මඟින් දුරකථනය ආරෝපණය කිරීමට (චාර්ජ් කිරීම) උත්සාහ කරන්න.

එහිදී දුරකථනය තිරය මත අනතුරු ඇඟවීමේ සංඥාවක් දිස්වන්නේ නම් ඉන් හැඟවෙන්නේ තවමත් දුරකථනය සම්පූර්ණයෙන් වියළී නොමැති බවයි.

එවිට දුරකථනය වියළි ස්ථනයක දිනක් (පැය 24ක)  පමණ කාලයක් තැබිය යුතු වෙනවා.

කෙසේවෙතත්, මෙම කාලය අතරතුර දුරකථනය චාර්ජ් කිරීම සඳහා නැවතත් උත්සාහ කළ හැකියි.

එහිදීද දුරකථනය චාර්ජ්වන බවට දුරකථනයේ දිස් නොවන්නේ නම් ඇඩැප්ටරයෙන් කේබලය විසන්ධි කර බිත්තියෙන් ඇඩැප්ටරය විසන්ධි කළ යුතුයි.

පසුව ඒවා නැවත සම්බන්ධ කර දුරකථනය චාර්ජ් කිරීම සඳහා උත්සාහ කළ හැකියි.

එමෙන්ම,  අධික තාපයක් යටතේ හෝ කෙස් වියළන යන්ත්‍රයක් ආධාරයෙන් දුරකථනය වියළීමට උත්සාහ නොකළ යුතු බව ඇපල් සමාගම පෙන්වා දෙනවා.

ටිෂූ කඩදාසි, කොට්න් බඩ්  ආදිය දුරකථනයට ඇතුළු කරමින් එය වියළීමට උත්සාහ නොකරන ලෙසද ඇපල් දුරකථන පරිශීලකයින්ට නිකුත් කර ඇති උපදෙස් මාලාවේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...