24 C
Colombo
Sunday, December 10, 2023

මියන්මාරයේ පාලනය යළිත් හමුදාව අල්ලා ගනියි

- Advertisement -

මීට පැය කිහිපයකට පෙර මියන්මාර නායිකා අවුන් සාන් සුකී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කර ඇත.

පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර මතභේදාත්මක තත්ත්වයන් උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුදා කුමන්ත්‍රණය සිදුව තිබෙනවා.

මියන්මාර හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව සේනාධිනායක මින් අවුන්ග් හේලින්ග්ට බලය පැවරීමට ඔවුන් ක්‍රියා කරන බවයි.

මේ අතර මියන්මාරයේ ප්‍රධාන නගරවල අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම ඇතැම් දුරකතන සේවාවන්හි ද අවහිරතා පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නොවැම්බර් මාසයේ මැතිවරණයෙන් අවුන් සාන් සූකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ජයග්‍රහණයක් ලැබූවත් හමුදාව චෝදනා කරන්නේ, පැවති මැතිවරණය වංචනික එකක් බවයි.

කෙසේ වෙතත්,අවුන් සාන් සුකී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙලෙස හමුදාව සිය භාරයට ගෙන ඇත්තේ, මැතිවරණයෙන් පසුව මියන්මාර පාර්ලිමේන්තුව අද අසුන් ගැනීමට නියමිතව තිබූ පසුබිමකදී වීම විශේෂත්වයක්.

2011 වසරේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට පැමිණෙන තුරු මියන්මාරය තුළ ක්‍රියාත්මක වූයේ, හමුදා පාලනයකි.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...