32 C
Colombo
Monday, May 6, 2024

කැබ් රථ අනතුරින් හමුදා සෙබලෙක් මරුට. 9කට තුවාල

- Advertisement -

මාන්කුලම් – වසන්තනගර් හන්දියේදී මාන්කුලම් දෙස සිට කිළිනොච්චිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යුද හමුදා සෙබලුන් රැගත් කැබ් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් කැබ් රථයේ පිටුපස ගමන් කළ හමුදා සෙබලෙක් රථයෙන් විසි වී ගොස් පිටුපසින් පැමිණි ලොරියේ ගැටී බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි වාර්තා වන්නේ.

තවත් සෙබළුන් 09ක් තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ඇහැටුවැව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 39ක් වන යුද හමුදා සෙබළෙක් බවයි වාර්තා වන්නේ.

ඔහුගේ මෘත ශරීරය මේ වන විට කිළිනොච්චිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටු ඡන්දය විකුණන්න දෙන්න බැහැ-දිලිත්

පොහොට්ටුවට ඡන්දය දුන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න වගකීමක් තිබෙන අතර පොහොට්ටු ජන්ද ලාබෙට විකුණන්න ඉඩ දිය නොහැකි බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර...

E-Visa ක්‍රමවේදය ගැන VFS Global සමාගමෙන් නිවේදනයක්

බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ E-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග ඇතිවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් ඊට අදාළ බව සඳහන් කෙරුණු VFS Global සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2004...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...