25 C
Colombo
Sunday, May 19, 2024

රට ගිය වෛද්‍යවරු ගෙන්න ගන්න කටයුතු කරනවා- සෞඛ්‍ය ඇමති

- Advertisement -

වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ තවත් වෛද්‍යවරුන් පිරිසක් ඉදිරි මාසවල දී විශේෂඥ පුහුණුව සඳහා විදෙස්ගත වීමට සුදානමින් පසුවන බවට වාර්තා වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වනවිට වෛද්‍යවරුන් 800කට වැඩි පිරිසක් විදෙස් පුහුණුව ලබමින් සිටින බවයි.

ඒ අනුව විශේෂඥ පුහුණුව සඳහා වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ වෛද්‍යවරුන් 785 දෙනෙකු පමණ ඉදිරි මාසවල දී විදෙස්ගත වන බවට වාර්තා වී තිබෙනවා.

වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් තවදුරටත් රට තුළ රඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන් සමඟ ද පසුගිය දා සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා තිබෙනවා.

පුහුණුව සඳහා විදෙස්ගත වන වෛද්‍යවරුන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.

කෙසේ වෙතත් රට තුළ පවතින තත්ත්වය හමුවේ දැනට විදෙස් පුහුණුව ලබන වෛද්‍යවරුන් යළි ‍දිවයිනට පැමිණීම ගැටලු සහගත වී ඇති බවද සඳහන්.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...