33 C
Colombo
Wednesday, May 8, 2024

තල් රා, තල් අරක්කු ප්‍රංශයට යවා විදේශ විනිමය හොයන අරුන්දිකගේ සැලැස්ම

- Advertisement -

තමා ප්‍රංශයේ සිදුකළ සංචාරයේදී තල් ආශ්‍රිත නිෂ්පාදන වන තල් රා, තල් අරක්කු, තල් හකුරු ආදිය ප්‍රංශ වෙළඳපොල වෙත අපනයනය කිරීමට ගිවිසුමකට එළැඹි බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

උතුරේ තල් සංවර්ධන අධිකාරිය හා සම්බන්ධවී මෙය සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසන්නේ.

මෙරටට ගෙන්වන ආහාරද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ආනායනය කිරීම සම්බන්ධ ගැටළු ඇති වී ඇත්තේ ඩොලර් ආදායම පහත යාම හේතුවෙන් බවත් සංචාරක කර්මාන්තය ඇතුළු කර්මාන්ත රාශියක් කොවිඩ් වසංගතය හේතුවෙන් අර්බුදයකට ලක්ව තිබීම මීට හේතුවී ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.

එබැවින් මෙවැනි කාලයකදී වැවිලි කර්මාන්තය වැනි කර්මාන්ත හරහා විදේශ විනිමය ඉපයීමට අවධානය දී ඇති බවයි ඔහු පවසන්නේ.

කෙසේ නමුත්, සංචාරක කර්මාන්තය වැනි කර්මාන්ත ඉක්මනින්ම යථා තත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවත් රට නැවතත් සාමාන්‍ය තත්වය ගෙන ඒම වෙනුවෙන්ද ජනතාවගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන්ද වැදගත් එන්නත්කරණය ශීඝ්‍රයෙන් සිදු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමා අත් එකතු කර වන්දනා කරන බවත් අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

හිරුණිකාට එරෙහි පැමිණිල්ලක් කැඳවන්න දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජූනි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. එමෙන්ම,...

මැදවච්චියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්

පහර දීමක් හේතුවෙන් තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට සිදු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මැදවච්චිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 15 වනදා දක්වා...

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම ගැන අධිකරණයෙන් තීරණයක්

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍‍රාල්ට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම අද (8)...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...