25 C
Colombo
Sunday, May 19, 2024

ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව වෙනුවට ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් & ජොන්සන්

- Advertisement -

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට අවශ්‍ය දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් සපයාගත නොහැකි වුවහොත් ඒ සඳහා ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

ස්පුට්නික් ලයින් මෙන්ම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් එන්නත් නිෂ්පාදනය කර තිබෙන්නේ එක් මාත්‍රාවක් ලබාදීම ප්‍රමාණවත් වන පරිදියි.

ඒ අනුව මෙම එන්නත් ලබාදීමෙන් ඔක්ස්ෆර්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට අහිතකර බලපෑමක් සිදු නොවන බවයි ගුණසේන මහතා පවසන්නේ.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලදී ගැනීම සඳහා අදාල සමාගම සමග ගිවිසුම් අත්සන් කිරීමේ මූලික කටයුතු මේ වනවිටත් අවසන්ව ඇති අතර මීට අමතරව මොඩර්නා එන්නත මිලදී ගැනීම සඳහාද ගිවිසුම් අත්සන් කිරීමට තීණය කර තිබෙනවා.

මේ අතර ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රා ලක්ෂ 09 ක් පමණ ජුලි මාසය තුළදී මෙරටට ලැබීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...

යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරලා

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...