28 C
Colombo
Monday, May 20, 2024

කුලියාපිටියේ තරුණයා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ ඇප අහෝසි කෙරේ

- Advertisement -

කුලියාපිටියේ තරුණයා ඝාතනය සම්බන්ධව බන්ධනාගාරය මගින් ඉදිරිපත්කළ සිඟිති නමැත්තාගේ සහ ඔහුගේ බිරිඳගේ ඇප අවලංගු කිරීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද (09) තීන්දු කර තිබෙනවා.

මුල් අවස්ථාවේදී සැකකරුවන් ට ඇප ලබාදීමට හේතු වූයේ පොලීසිය ඊට විරෝධය නොපෑම නිසා බවද මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවධාරණය කර තිබුණා.

ඒ අනුව, අදාළ සැකකරුවන් දෙදෙනා එළඹෙන 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියම කළා.

කුලියාපිටිය, වස්සාවුල්ල පදිංචි සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නමැත්තාගේ සහ ඔහුගේ බිරුඳ වූ දිලානි රසිකා ගේ ඇප එලෙසින් අහෝසි කෙරුණා.

එසේම සුසිත් ජයවංශගේ ඝාතනය සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී ප්‍රධාන සැකකරු ලෙසින් සැලකූ පුද්ගලයා ද එහිදී අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පැමිණිල්ලේ කරුණු දැක්වීම මත ඇප ලැබූ සැකකරුවන් මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවන් බැවින් යළි බන්ධනාගාර ගතකරන ලෙස  අද (09) නඩුව කැඳවූ අවස්ථාවේදී පොලීසිය පවසා සිටියා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා අධිකරණයට ලබාදුන් සැකකරුවන්ගේ හැඳුනුම්පත් පරීක්ෂාකළ මහෙස්ත්‍රාත්වරයා මුල් අවස්ථාවේ මෙම සැකකරුවන් අවශ්‍ය නොවන බව පැවසූයේ පොලිසියෙන් නොවේදැයි ප්‍රශ්න කරමින් වහාම කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව  කැඳවන ලෙසට නියමකරමින් නඩුව පසුව කැඳවීමට නියම කළා.

යළිත් පස්වරුවේ අදාළ නඩුකරය කැඳවමින් මුල් අවස්ථාවේ සැකකරුවන්ට ඇප ලබාදීමට පොලීසිය විරෝධය නොපෑ හේතුව මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියා.

පොලිසිය සිය භාරයට ගත් සැකකරු මඟින් අනාවරණ‍ය වූ තොරතුරු අනුව විමර්ශන සිදුකරමින් පවතින බවත් ඒ අනුව මෙම සැකකරුවන් අවශ්‍ය බවත් පවසමින් පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටියේ සැකකරුවන්ගෙන් ප්‍රශ්නකිරීමට අවශ්‍ය බවයි.

එමෙන්ම අපරාධය වූ බවට තොරතුරු ලද පණිරෙන්ඩාව රක්ෂිතය වෙත මෙම නඩුවේ 6වන සැකකරු රැගෙන යායුතු බවටද පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් ඉදිරියේ ප්‍රශ්න කිරීමටත් 6වන සැකකරු බන්ධනාගාර නිලධාරීන් භාරයේ තබා නම්කොට ඉල්ලා  ඇති පොලිස් නිලධාරීන් කැටුව ගොස් ස්ථානීය පරීක්ෂාව සිදුකරන ලෙසයි.


RECENT ARTICLES - SINHALA

සජිත් – අනුර විවාදය පැවැත්වෙන දිනය මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වෙන විවාදය සඳහා දින නියම වී තිබෙනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් 4ක් ඉන්දියාවේදී අත්අඩංගුවට 

ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට (වීඩියෝ)

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...