29.4 C
Colombo
Wednesday, May 8, 2024

ග්වාඩර් වරායේ චීන ක්‍රියාකාරකම්වලට එරෙහිව බලුච් වැසියන්ගේ විරෝධය

- Advertisement -

චීන ට්‍රෝලර් යාත්‍රා පාකිස්තානයේ බටහිර දෙසින් පිහිටි බලුකිස්තානයේ ජලය අයුතු ලෙස ප්‍රයෝජන ගැනීම නතර නොකරන්නේ නම් ග්වාදාර් වරාය වසා දමන බවට බලුච් නායක මවුලානා හිදාතුර් රෙහ්මාන් අනතුරු අගවා තිබේ.

බලුකිස්තාන ග්වාදාර් වරායේ චීන ධීවර යාත්‍රා සිය ගණනක් නැංගුරම් ලා ඇති අතර එය පළාතේ දහස් ගණන් ධීවරයින්ගේ ජීවනෝපායට තර්ජනයක් වී ඇත.

බලුකිස්තාන් වෙරළ චීන ට්‍රෝලර් මාෆියාවෙන් නිදහස් කිරීම, ග්වාදර්හි දේශසීමා ස්ථාන විවෘත කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් ඉවත් කිරීම සහ අනවශ්‍ය මුරපොලවල් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් පළාත් රජය විසින් ඉටු නොකළහොත් ජූලි 21 සිට ග්වාදාර් වරාය වසා දමන බවට රෙහ්මාන් තර්ජනය කර ඇති බව පකිස්තාන වාර්තා පවසයි.

පසුගිය දා මාධ්‍ය හමුවක් අමතමින් රෙහ්මාන් කියා සිටියේ මේ වසරේ අප්‍රේල් මාසයේදී මාසයක් පුරා වරාය නගරයේ පැවති විරෝධතාව අවසන් කිරීමට රජය විසින් අත්සන් කරන ලද ගිවිසුමේ පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් විරෝධතාවක් ලෙස වරාය වසා දමන බවයි.

ඔහු ජමාත්-ඉ-ඉස්ලාමි හි පළාත් ප්‍රධාන ලේකම් ද වන අතර ග්වාදර් අයිතිවාසිකම් ව්‍යාපාරයට නායකත්වයට ලබාදෙයි.

ඔහු බලුකිස්තානයේ විරුද්ධ පක්ෂ ද විවේචනය කරමින් කියා සිටියේ ඔවුන් බලුකිස්තානයේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නොනැඟූ බවයි.

RECENT ARTICLES - SINHALA

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර...

බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. බිංගිරිය කර්මාන්ත...

පොහොට්ටුව තවමත් අවසන් තීරණයකට ඇවිත් නැහැ- මහින්ද (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් අවසන් තීරණයකට පැමිණ නැති බව හිටපු ජනාධිපති මහින්ද...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...