28.1 C
Colombo
Friday, April 26, 2024

බන්දුලගේ සහන මල්ල -2

- Advertisement -

රට තුළ ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වසංගත රෝග තත්වය හමුවේ පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ අපහසුතා මඟහරවමින් ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අවම මිළ ගණන් වලට ලබා ගැනීමේ අවස්ථාව සැලසීම සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගේ සංකල්පයක් මත සතොස සහන මල්ල-2 වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බව අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව සතොස සහන මල්ල-2 වැඩසටහනේ පවතින විශේෂත්වය වශයෙන්, සම්බා සහල් කිලෝවක්, නාඩු සහල් කිලෝවක්, පිටි කිලෝවක්, ඕස්ට්‍රේලියන් රතු පරිප්පු කිලෝ එකක්, තායි හාල්මැස්සන් ග්‍රෑම් 200ක්, සුදු සීනි කිලෝවක්, රජයේ කාර්මික තාක්ෂණ ආයතනය විසින් නිෂ්පාදිත විෂබීජ නාශක දෑත් සෝදන දියර මිලිලීටර් 50ක්, තේ අලෙවි මණ්ඩලයේ සහතිකය සහිත තේ ග්‍රෑම් 100ක්, සෝයා ග්‍රෑම් 50ක්, කෑලි මිරිස් ග්‍රෑම් 100ක් යන භාණ්ඩ වර්ග රුපියල් දහසක මුදලකට දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් ජාලය හරහා ලබා ගත හැකි බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන සිටියා.

රුපියල් දහසක මුදලකට මෙම සහන මල්ල ලබා ගන්නා පාරිභෝගික ජනතාවට ජාතික කිරි මණ්ඩලයේ නිෂ්පාදනයක් වන හයිලන්ඩ් කිරිපිටි පැකට් 1ක් වෙළෙඳපොල පවත්නා මිළට වඩා අඩු මිළකට ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදීත ඒ අනුව සහන මල්ල ලබා ගන්නා පාරිභෝගිකයාට පමණක් සතොස හරහා මෙම සහනය සැලසෙනු ඇත.

එමෙන්ම මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හා ආචාර්යවරුන් කණ්ඩායමක් විසින් නිපදවන ලද ලොව ප්‍රථම RESPIRONE NANO AV99 – නැනෝ තාක්ෂණික මුහුණු ආවරණය ඊයේ දින සතොස අලෙවිසැල් ජාලය හරහා ලබා ගැනීමට මුහුණු ආවරණ ලක්ෂයක ප්‍රමාණයක් නිකුත් කරන ලද බවත් පැය 24ක් ගත වීමට ප්‍රථම එම නැනෝ තාක්ෂණික මුහුණු ආවරණ ලක්ෂයක ප්‍රමාණයම අලෙවි වි ඇති බව ද ප්‍රකාශ කර සිටියා.

RECENT ARTICLES - SINHALA

අනුර ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව...

කූට ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක්

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කළ ස්ථාන තුනක් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් වටලා තිබෙනවා. පොලිසිය...

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර තවත් ඍජු ගුවන් සේවයක්

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...