28.3 C
Colombo
Wednesday, April 24, 2024

ආර්ථීක අර්බුදය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදයට විය හැකි බලපෑම ගැන නීතීඥ සංගමය කනස්සල්ලෙන්

- Advertisement -

ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථීක අර්බුදය හමුවේ, නිතීයේ ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයට ඇතිවිය හැකි බලපෑම ගැන දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි, ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනය කර සිටිනවා.

පවතින තත්ත්වය හමුවේ, රජය තවදුරටත් ප්‍රමාදයකින් තොරව, ආර්ථීක අර්බුදය විසදීමට රජය කටයුතු කළ යුතු බවයි නීතිඥ සංගමයේ ලේකම් රජිව් අමරසුරිය මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

උද්දමනය ඉහළ යාම, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය, විදේශ විනිමය හිඟය, විදේශයන්ට මුදල් යැවීමට නොහැකි වීම, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත වැටීම, සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තාවකාලිකව වසා දැමීම ඇතැම් ගුවන් සමාගම්වල මෙහෙයුම් අත්හිටුවා ඇති බවට පළවන වාර්තා සහ විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවට පවතින අනතුරු ඇඟවීම් තුළින් එම හදිසි අවශ්‍යතාව පෙන්නුම් කරන බව ද අදාළ නිවේදනයේ සඳහන්.

ආර්ථිකයේ එවැනි පසුබෑමක් බොහෝ දුරට නිතීයේ ආධිපත්‍යයට සහ රටේ පාලනයට අහිතකර ප්‍රතිවිපාක ඇතිකළ හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ආර්ථික දුෂ්කරතා නිසා වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ, සමාජයේ වඩාත්ම අවදානමට ලක්ව සිටින අය බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

සංචිත ඩොලර් බිලියන 3 දක්වා ඉහළ ගොස් ඇති බව, මහ බැංකුව නිවේදනය කර ඇතත්, ඉන් කොපමණ ප්‍රමාණයක් භාවිත කළ හැකි ද යන්න සොයා බැලිය යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

පවත්වනා වසංගත තත්ත්වය හමුවේ, රජය අසාමාන්‍ය අභියෝගවලට මුහුණ දී සිටින බව, තමන් පිළිගන්නා බවත් එමෙන්ම මතුවන අභියෝගවලට මුහුණ දීමට රජය පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා.

පවතින තත්ත්වය හමුවේ, අර්බුදයට තිරසර විසඳුම් ලබා දීමට හැකිවන පරිදි තාක්ෂණික විශේෂඥ ස්වරූපයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ස්වාධීන හෝ පක්ෂාග්‍රාහි නොවන විශේෂඥයින් හා බහු පාර්ශවීය ආයතනවල සහය ලබා ගන්නා ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100...

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

ගම්පහ ඔස්මන් ඝාතන සැලසුමක් හෙළි වෙයි

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...