24 C
Colombo
Tuesday, May 21, 2024

එක එක්කෙනා කිව්වට බැසිල් අයින් කරන්න බෑ..! – අගමැති

- Advertisement -

බැසිල් රාජපක්ෂ මුදල් ඇමති වීමෙන් පසුව රට මේ තරම් දරුණු ආර්ථික ගැටළු රැසකට මුහුණ දීම ආරම්භ වූ බවට ජනතාව අතර මතයක් ඇති බවත්, එබැවින් කළ යුතුව ඇත්තේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

රටේ සාපය බැසිල් බවට මතයක් ජනතාව අතර පවතින බැවින්, එය සැබෑවක්ද නැද්ද යන්න ඔප්පු කර පෙන්වීම බැසිල් රාජපක්ෂගේ වගකීමක් බවයි උන්වහන්සේ එහිදී පවසා තිබුණේ.

කෙසේ වෙතත්, දිවයින පුවත්පත සමග අදහස් දක්වමින් බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුණේ “එක් එක්කෙනාගේ කතාවලට බැසිල් ඉවත් කළ නොහැකි” බවටයි.

අමාත්‍යවරයෙකු අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමේ තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා බවත් , ඇතැම් පාර්ශවයන් පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීම සදහා අමාත්‍යවරු අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට යෝජනා කරන බවත්,මේ මොහොතේ කළ යුත්තේ රට තුළ ඇති වී තිබෙන තත්ත්වය විසදීම සදහා රජයට සහාය වීම බවත් අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

සාපෙළ ලියද්දී අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතරතුර අසාධාරණයකට ලක් වූ සිසුන් පිරිසක් අද (20) ප්‍රකාශ ලබාදීම සඳහා මානව හිමිකම්...

කළුතර වෙඩි තැබිමක්

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා. ටී-56 ගිනිඅවියකින් නිවස තුළ...

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...