29.4 C
Colombo
Wednesday, May 8, 2024

බැසිල් හෙට පාර්ලිමේන්තුවෙන් එළියට..! – කුණු ධම්මික ඇතුළට?

- Advertisement -

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඔහු ඒ සම්බන්ධයෙන් හෙට දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවටද වැඩිදුරටත් තොරතුරු වාර්තාවනවා.

21වැනි සංශෝධනයත් සමඟ ද්විත්ව පුරවැසියන් හට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නොහැකි වුවහොත් බැසිල් රාජපක්ෂ හට සිය අසුන අහිමිව යන අතර ඊට පෙර ඔහු මෙලෙස ඉල්ලා අස්වන බවයි පැවසෙන්නේ. ඉල්ලා අස්වීමෙන් පසුව මේ සතිය අගදී ඔහු ඇමරිකාව බලා පිටත් වීමට නියමිත බවත් නැවත පැමිණ පූර්ණ කාලීනව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන කටයුතුවල නිරත වීමට ඔහු තීරණය කර ඇති බවත් ආරංචි මාර්ග පවසනවා.

තවද, ඔහු සමග ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඉල්ලා අස්වීමට නියම්නිත බවත් පැවසේ.

කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නම යෝජනා වී තිබෙනවා.

ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ හේලිස් ව්‍යාපාරය විසින් ගෙන්වන ලද කසළ කන්ටේනර් තොගය නැවත බ්‍රිතාන්‍ය කරා යවන ලෙස අභියාචනාධිකරණය 2020.1014 දින නියෝග කළා.

කටුනායක භූමියක තිබී හමුවූ කසළ තොගයක මෙන්ම වරායේ රඳවා තිබුණු කන්ටේනර් විශාල ප්‍රමාණයක ද භාවිතයට නුසුදුසු කුෂන් මෙට්ට, ඉවත දැමූ ගෘහ අපද්‍රව්‍ය, සායනික අපද්‍රව්‍ය ඇතුළු විෂ සහිත කසළ තොගයක් හමු වී තිබූ අතර මේ තරම් විශාල කසළ ප්‍රමාණයක් ගෙන්වා ඇත්තේ කිසිදු පූර්ව අවසරයකින් තොරව බව අනාවරණය වීමෙන් පසුව, ඒ සම්බන්ධ සමාගම ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් හේලිස් අනු සමාගමක් බව අනාවරණය විය. එහිදී ‘පරිසර යුක්ති කේන්ද්‍රය‘ විසින් පැනවූ නඩුවකින් පසුව මෙම කසළ තොගය නැවත ඒවා මෙරටට නැව්ගතකළ බ්‍රිතාන්‍ය වෙත යැවිය යුතු බව තීන්දු විය.

RECENT ARTICLES - SINHALA

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර...

බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. බිංගිරිය කර්මාන්ත...

පොහොට්ටුව තවමත් අවසන් තීරණයකට ඇවිත් නැහැ- මහින්ද (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් අවසන් තීරණයකට පැමිණ නැති බව හිටපු ජනාධිපති මහින්ද...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...