26 C
Colombo
Thursday, May 9, 2024

ඩොලර් හිඟයක් නෑ කියලා බැසිල් කිව්වා – SM

- Advertisement -

මෙරට ඩොලර් හිඟයක් නොමැති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඒ බව පැවසූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රටේ ඩොලර් හිඟයක් මවාපෑමට උත්සාහ කරන්නේ ඩොලර් වෙළෙන්දන් විසින් බවත් මෙරට ජනතාව ඩොලර් හිඟයක් සම්බන්ධව කලබල වීමට අවශ්‍ය නොවන බවත් අමාත්‍යවරයා පවසනවා.

“ගරු මුදල් ඇමතිතුමා කියනවා ඩොලර් හිඟයක් නෑ, ඩොලර් තියෙනවා කියලා. මුදල් ඇමතිතුමානෙ දන්නෙ ඩොලර් ගැන. මේ විපක්ෂෙ ඉන්න අය දන්නෑනෙ ඩොලර් ගැන. අනිත් එක ඩොලර් හිඟයක් මවා පාන්නෙ මේ රටේ ඉන්නවා ඩොලර් විකුණන වෙළෙන්දො ටිකක්, ඒ වෙළෙන්දො තමන්ගෙ ඩොලර් එක වැඩියෙන් විකුණාගන්න හිඟයක් මවාපාන්න එක එක ප්‍රකාශ කරනවා.

නමුත් මුදල් ඇමතිවරයා හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමා අපිත් එක්ක ආණ්ඩු පක්ෂයේ රැස්වීමෙදි කිව්වා ඩොලර් හිඟයක් නෑ, ඩොලර් ගැන මං බලාගන්නම්, ඒ හින්දා කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නෑ කියලා. ඒ හින්දා අපි පිළිගන්නෙ එතුමාගේ ඒ ප්‍රකාශය තමයි” 

RECENT ARTICLES - SINHALA

කුලි හමුදා ජාවාමේ යෙදුන හමුදාවේ දෙදෙනෙක් මාට්ටු

රුසියානු-යුක්රේන් යුද්ධය සදහා මෙරට විශ්‍රාමික හමුදා නිලධාරින් කුලී හේවායන් ලෙස එරටට යවා මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු බව පැවසෙන හිටපු මේජර් ජනරාල්වරයෙක් සහ ඔහුට...

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව පැවසෙන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක්...

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...