29 C
Colombo
Saturday, May 4, 2024

පකිස්ථානයේ පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යාපාරයේ පසුබෑමට එරෙහිව නව සටනක්

- Advertisement -

පකිස්ථානයේ සෞඛ්‍ය සේවකයින් දිගින් දිගටම ප්‍රහාරවලට මුහුණ දෙන බැවින් පෝලියෝ සදහටම තුරන් කිරීමේ ගෝලීය මෙහෙයුම අවදානමට ලක්ව තිබෙනවා.

1990 ගණන්වල මුල් භාගයේදී, පෝලියෝ සෑම වසරකම පාකිස්තාන දරුවන් 20,000 ක් පමණ ආබාධිත තත්ත්වයට පත් කරනු ලැබුවා.

2022 දී, පාකිස්ථානයෙන් වාර්තාවූ පෝලියෝ රෝගීන් 18 දෙනාගෙන් 16 දෙනෙකු ම වාර්තා වී තිබුණේ ඇෆ්ගනිස්ථානය සමඟ දේශසීමා බෙදා ගන්නා උතුරු වසිරිස්තානයෙන්.

ඒ අනුව පෝලියෝ තුරන් කිරීමේ අභිලාෂකාමී ප්‍රයත්නය මගින් අපේක්ෂා කෙරෙන්නේ පෝලියෝ වෛරසයට එරෙහිව ළමුන් මිලියන 23.8 කට ප්‍රතිශක්තිකරණය ලබා දීමේ දැවැන්ත ඉලක්කයක් කරා ළඟා වීමටයි.

එහෙත් එන්නත ජනගහනය වඳ කිරීමට බටහිර මැදිහත්වීමක් හෝ එන්නත ගැනීම හරාම් නැතහොත් එන්නත ඉස්ලාමීය නීතියෙන් මුස්ලිම්වරුන්ට තහනම් බව විශ්වාස කිරීම වැනි එන්නත පිළිබඳ මිථ්‍යාවන් සහ කුමන්ත්‍රණ න්‍යායන් පකිස්ථානයේ බහුලව පැතිරී තිබීම හේතුවෙන් පෝලියෝ එන්නත්කරණ වැඩසටහනට බලපෑම් එල්ලවී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට සහ ඔවුන් සමඟ පැමිණි ආරක්ෂක හමුදාවලට ප්‍රහාර එල්ල කර, පෙර වසරවල සහන සේවකයින් විශාල පිරිසක් ඝාතනය කිරීමෙන් පෝලියෝ මුලිනුපුටා දැමීමට බාධා මතු කර තිබෙනවා.

පෝලියෝ වෛරස් ප්‍රභේද තුනෙන් දෙකක් ගෝලීයව මුලිනුපුටා දමන ලද අතර, තුන්වැන්න පකිස්ථානයට සහ ඇෆ්ගනිස්ථානයට පමණක් ආවේණිකව පවතිනවා.

කොවිඩ් -19 වසංගතය නිසා තත්ත්වය තවත් උග්‍ර වුණේ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය කොරෝනා වයිරසය පැතිරීම නැවැත්වීම සඳහා යොමු වීමත් සමඟ පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යාපාර නතර වීමත් සමඟයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, 2020 දී අසල්වැසි ඇෆ්ගනිස්ථානයෙන් පෝලියෝ රෝගීන් 56ක් වාර්තා වුණා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...