32 C
Colombo
Tuesday, May 7, 2024

තියුණු කැපුම් තුවාල සහිත පිරිමි මළ සිරුරක් සොයාගැනේ

- Advertisement -

නුවරඑළිය මීපිළිමාන ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ පිරිමි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මීපිලිමාන පිහිටි නිවසක සේවය කළ කොටහේන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි සුන්දරලිංගම් නැමති පුද්ගලයෙක්.

පොලීසිය පවසන්නේ නාඳුනන කණ්ඩායමක් විසින් අද (09) පෙරවරු 05.30 ත් 06ත්  අතර කාලය තුළ සැලසුම් සහගත ලෙස මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

පහරදීම සිදුවන විට නිවස තුළ මියගිය පුද්ගලයාට අමතරව නිවසේ හිමිකාරිනියද රැඳී සිට තිබෙනවා.

පහරදීමෙන් අනතුරුව ඇයද තුවාල ලබා නිවසේ ජනේලයකින් පැන ගොස් අසල්වැසියන්ගේ සහයෝගය ඇතිව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී ඇති අතර ඇය මේ වන විට නුවරඑළිය  දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා.

පොලීසිය සැක කරන්නේ කාලයක් තිස්සේ පැවති ඉඩම් ආරවුලක් පදනම් කරගෙන මෙම පහරදීම හා මිනීමැරුම  සිදුකර ඇති බවයි.

පහර දුන් පුද්ගලයන් සොයා ගැනීමට අපහසු වන අන්දමින් නිවස වටා භූමිතෙල් සහ මිරිස් කුඩු හලා ගොස් ඇති අතර අදාළ පිරිස විසින් නිවසේ ඉදිරිපස ජනෙල් දොරවල්වලට පහර දී ඒවා ද විනාශ කර නිවස තුළ තිබූ ඇඳක්ද ගිනි තබා තිබෙනවා.

නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම සැකකාර කණ්ඩායම ඝාතනයෙන් පසුව එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි.

දීර්ඝ කාලයක් පුරාවට අදාළ ඉඩමේ මුල් අයිතිකරුගෙන් නීති විරෝධී වශයෙන් එහි සේවය කළ රියදුරෙකු විසින් ඉඩමේ අයිතිය ලබා ගැනීම සම්බන්ධව ඇතිවුණු ගැටලුකාරි තත්ත්වයන් කිහිපයක් පිළිබඳව පැමිණිලි කිහිපයක්ම නුවරඑළිය පොලිසිය වෙත ලැබී ඇති බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

‘මන්නා රමේෂ්’ රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

ඩුබායිහිදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ්ව දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ...

උමා ඔයේ වාසිය ජුලි මාසයේ දී විදුලි බිලට

ජනතා අයිතියට පත් කෙරුණු උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය මගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ඒකක ප්‍රමාණයක් එක් කෙරුණු බැවින් එහි වාසිය විදුලි...

විමල් දුක වෙලා

තමා කර්මාන්ත ඇමති ලෙස සිටියදී රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ඇරැඹීමට ගිවිසුම් අත්සන් කළ ඇඹිලිපිටිය කඩදාසි කම්හල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන්නට කැමැත්තෙන් සිටි...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...