31 C
Colombo
Saturday, May 18, 2024

මේ වසරේ අදායමට වඩා මුල් මාස 4ට ණය අරන්

- Advertisement -

රජයේ වියදමට වඩා මේ වසරේ මුල් මාස හතරේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය වැඩි බව අධ්‍යනයකින් අනාවරණය වී තිබෙනවා.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ සහ රුහුණු විශ්ව විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු පරීක්ෂණ කණ්ඩායමක් සිදුකළ අධ්‍යනයකදීයි.

එම අධ්‍යනයට අනුව මේ වසරේ ජනවාරි ආරම්භ වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි දාහත් ලක්ෂ පනස් අට දහස් නව සියයකි.

මේ වසරේ අප්‍රේල් අවසානය වන විට එම ප්‍රමාණය රුපියල් කෝටි විසි තුන් ලක්ෂ එක් දහසක් දක්වා වර්ධනය වී තිබෙනවා.

මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ වාර්තා වලද මෙම තොරතුරු තහවුරු වී ඇති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා කියා සිටින්නේ.

මේ අනුව මෙම වසරේ මුල් මාස 4ක කාලය තුළ රජයේ ශුද්ධ ණය ගැනීම්වල ඉහළ යෑම රුපියල් කෝටි පන්ලක්ෂ හැත්තෑ දෙදහසක් බවයි එම අධ්‍යනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

ඉදිරි මාස දෙකේදී විදුලි බිල අඩු කරන්න පුළුවන් – අගමැති

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි – මුජිබර් (වීඩියෝ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල ඉදිරියට යාම වළක්වාලමින් කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...