පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම මේ මස 28 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මැතිවරණ කොමිසමේ මැතිවරණ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා කියා සිටියේ මාර්තු මස 28, 29, 30, සහ 31 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (07) නිවේදනය කළා.