26 C
Colombo
Tuesday, May 7, 2024

Breaking : ගල් පෙරළීමේ අවධානමක් හේතුවෙන් කෑගල්ල විකල්ප මාර්ගය වසා දැමේ

- Advertisement -

කෑගල්ල ප්‍රදේශයට ඇතිවු අධික වර්ෂාව හේතුවෙන් ගල් පෙරලීමෙන් වන හානිය වලක්වා ගැනීමට කොළඹ නුවර මහා මාර්ගයේ කෑගල්ල විකල්ප මාර්ගය නැවත දැනුම් දෙන තුරු රථවාහන ධාවනය නවතා දැමීමට කෑගල්ල රථවාහන පොලීසිය අද (29) සවස තීරණය කර තිබෙනවා.

දැනට එම ප්‍රදේශයේ මාර්ගයේ දකුණු පැත්තේ ඇති කදු කොටසේ ඉහල ඇති ගල් නාය යෑමේ තර්ජනයකට මුහුණ දි ඇති බැවින් එම ප්‍රදේශය ස්ථායිකරණය කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් සිදු කරනු ලබනවා.

එම ප්‍රදේශයේ අඩි 120 පමණ ඉහලින් ඇති විශාල ගලක් මහා මාර්ගයට වැටීමේ අවධානමක් මේ මොහොතේ ඇතිව තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ නුවර මහ මාර්ගයේ කෑගල්ල විකල්ප මාර්ගය රථවාහන ධාවනයට සුදුසු නොවන බවට කල ඉල්ලීම අනුව එම මාර්ගය වසා දැමීමට කෑගල්ල රථවාහන පොලීසිය පියවර ගත් බව කෑගල්ල ආපදා කළමණාකරණ අධ්‍යක්ෂක අනුෂ්ක චමිල මහතා පවසනවා.

ඒ අනුව විකල්ප මාර්ගයට ඇතුල්වීම රංවල හන්දියෙන් හා කරඬුපන ප්‍රදේශයෙන් වසා ඇති බව කෑගල්ල පොලීසිය සදහන් කරනවා.

කොළඹ නුවර මාර්ගය භාවිතා කරන්නන් කෑගල්ල නගරය හරහා පමණක් රථවාහන ධාවනය කරන ලෙසද කෑගල්ල පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...