28 C
Colombo
Saturday, May 4, 2024

BREAKING – දුම්රිය සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරේ

- Advertisement -

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියළුම කාර්ය මණ්ඩලවල නිවාඩු අද (14) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදී අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යධිකාරීවරයා පියවර ගෙන තිබෙනවා.

අදාළ නිවේදනයට අනුව දුම්රිය සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා මාර්තු 15 දින සේවයට වාර්තා නොකරන සියළු නිලාධාරින්ගේ ඒ පිළිබඳ නිදහසට කරුණු විමසා තමා වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දුම්රිය සාමාන්‍යධිකාරී ඩබ්ලිව් ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා සියළු අංශවල ප්‍රධානීන් වෙත දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

පෙබරවාරි 27 වනදා 2321/07 දරන රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අනුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස මෙය ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොකෝමොටිව් දුම්රිය ඉංජිනේරු සංගමය වෘත්තීය සමිතිය විසින් පැය 24ක වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක සාමාන්‍යධිකාරීවරයා මෙම තීරණය ගෙන ඇත්තේ.

ඔවුන් පවසන්නේ අද (14) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...