30.2 C
Colombo
Saturday, April 27, 2024

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

- Advertisement -

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන ඔක්තෝම්බර් මස 26 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නියෝග නිකුත් කළේ, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් අද සලකා බැලීමෙන් අනතුරුවයි.

චෝදනා 6ක් මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

2006 වසරේ ජූලි මස පළවැනිදා සහ 2015 ජනවාරි 15 වැනිදා දක්වා මහ බැංකු අධිපතිවරයාව සිටිමින් තම සමීපතම ඥාතීන් පිරිසකට මහ බැංකුව නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළඳපොලේ විකුණා රජයට රුපියල් බිලියන 10.04 ක සිට 10.06 දක්වා පාඩුවක් සිදු කළ බවට අජිත් නිවාඩ් කබ්රාල් ට එරෙහිව එල්ලවී ඇති චෝදනාවකි.

භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොළේ විකුණන අවස්ථාවේදී ඒවාට අදාළ අභ්‍යන්තර රහස් තොරතුරු සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටද , අමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් කැබිනට් මණ්ඩලයේ හෝ මූල්‍ය මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව අමෙරිකා එක්සත් ජනපදයේ ඉමාඩ් ෂා සුබේරි යන අයට ශ්‍රී ලංකා මුදලින් ලබාදෙමින් බැංකුකරුවෙකු ලෙස සාපරාදී විශ්වාසය කඩකර ඇති බවට ද ඔහුට එල්ලවී ඇති තවත් චෝදනාවක් ය.

තවද 2021 සැප්තැම්බර් 15 වැනිදා හෝ ඊට ආසන්න දිනක සිට 2022 අප්‍රේල් 4 වැනිදා දක්වා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී අමෙරිකානු ඩොලර් මිලියන 500 ක වටිනාකමින් යුත් ස්වෛරී බැඳුම්කර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පිරිමැසිය නොහැකි සහ අප්‍රතිකාරී හානියක් ගෙන දෙන පරිදි නම් නොදන්නා පාර්ශවයක් වෙත වාසි සැලසෙන අයුරින් 2022 ජනවාරි මස 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ශ්‍රී ලංකා මුදලින් ගෙවා ඇති බවටද තවත් අජිත් නිවාඩ් කබ්රාල්ට එල්ලවී ඇති චෝදනායි.

මෙම පැමිණිල්ල ලබන ඔක්තෝම්බර් මස 26 වැනිදා යලි කැඳවීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ආසන වෙන් කිරීමත් අවුලක

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා...

මැණික් ගරමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී මරුට

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින්...

අනුර අද ස්වීඩනයේදී ජනහමුවකට

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද පස්වරු 6.00ට පමණ...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...