ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබෙනවා.
ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද පස්වරු 6.00ට පමණ එම ජන හමුව පැවැත්වීමට නියමිතයි.
ජාතික ජනබලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කර තිබෙනවා.
ජනහමු හා සුහද හමු කිහිපයක් සඳහා සහභාගිවීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය 25 වැනිදා රාත්‍රියේ ස්වීඩනය බලා පිටත්ව ගියා.