25 C
Colombo
Sunday, May 19, 2024

චීනය කැනඩාවේ මාධ්‍යවේදීන්ට හරස් වෙයි

- Advertisement -

කැනඩා ගුවන්විදුලි මාධ්‍යවේදීන්ට චීනයේ වීසා නොලැබීම නිසා බීජිංහි ප්‍රවෘත්ති කාර්යාංශය වසා දැමීම‍ට කැනඩා ගුවන් විදුලි සංස්ථාව තීරණය කර තිබේ.

කැනඩා ගුවන්විදුලි සංස්ථාව (CBC) පසුගියදා ප්‍රකාශ කළේ එහි මාධ්‍යවේදීන් සඳහා චීනයේ රැකියා වීසා බලපත්‍රයක් ලබාගැනීම සඳහා වසර දෙකක් නිෂ්ඵලව බලා සිටීමෙන් පසුව ඔවුන්ගේ බීජිං හි ප්‍රවෘත්ති කාර්යාංශය වසා දැමූ බවයි.

වසර 40 කට පසු බීජිං කාර්යාංශය මෙලෙස වසා දැමීමට කටයුතු කර ඇති අතර ඔවුන් නැගෙනහිර ආසියාව ආවරණය කිරීම සඳහා නව ස්ථානයක් සොයන බව සදහන් වේ.

CBC ප්‍රවෘත්ති ප්‍රධාන කර්තෘ බ්‍රොඩි ෆෙන්ලෝන් පැවසුවේ තම ප්‍රවෘත්ති ආයතනය පසුගිය වසර දෙක තුළ කැනඩාවේ චීන නිලධාරීන් සමඟ වීසා බලපත්‍ර සම්බන්ධයෙන් බොහෝ සාකච්ඡා පැවැත්වූ නමුත් විසඳුමක් නොමැති වූ බවයි.

අප්‍රේල් මාසයේදී කැනඩාවේ චීන තානාපතිවරයාට යවන ලද ලිපියක් පිළිගෙන ඇති නමුත් ඒ පිළිබද ප්‍රතිචාරයක් නොලැබුණු බව ෆෙන්ලෝන් පැවසීය.

අදහස් දැක්වීම සඳහා කරන ලද ඉල්ලීමකට පවා ඔටාවා හි චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර නොදැක්වූ බව සදහන් වේ.

CBC හි ප්‍රංශ භාෂා සේවාවේ (රේඩියෝ-කැනඩා) වාර්තාකරුවෙකු 2020 ඔක්තෝම්බර් මාසයේදී වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමෙන් පසුව චීනයෙන් වීසා බලපත්‍රයක් බලාපොරොත්තුවෙන් සිටින බව ෆෙන්ලෝන් පැවසීය.

කොවිඩ් -19 වසංගතය ආරම්භයේදී චීනය අගුලු දැමීමට පටන් ගත් විට නැවත කැනඩාවට පැමිණි CBC හි ඉංග්‍රීසි භාෂා මාධ්‍යවේදියාට ස්ථිර වාර්තාකරුවෙකු ලෙස නැවත චීනයට පැමිණීමට නොහැකි වී ඇති බව ද පැව‍සේ.

CBC ඉදිරි මාස කිහිපය තුළ නැගෙනහිර ආසියාව ආවරණය කිරීම සඳහා නව ස්ථානයක් සොයනු ඇති අතර, ඉදිරි වසර දෙක සඳහා සිය මාධ්‍යවේදියා තායිවානයේ ස්ථානගත කරන බව ෆෙන්ලෝන් වැඩිදුරටත් පැවසීය.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...