29 C
Colombo
Saturday, May 18, 2024

තැපැල් නිවාඩු අවලංගු කරයි

- Advertisement -

අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිත බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය සඳහන් කරනවා.

නුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිළි විකිණීමේ තීරණයට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බව ඔවුන් පවසන්නේ.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද (07) පස්වරු 4.00 සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇති බව ඔහු සදහන් කළා.

කෙසේවෙතත් තැපැල්පති එස්. ආර්. ඩබ්ලිව්. එම්. ආර්.පී. සත්කුමාර අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ හෙට සිට ලබන 10 වනදා දක්වා තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයේම නිවාඩු අවලංගු කරන බවයි.

මේ අතර, නුවරඑළිය තැපැල් ස්ථානය ඉදිරිපිට අද විදේශිකයින් පිරිසක් ‘නවාතැන් ගැනීමට හෝටලයක් සදහා ප්‍රමාණවත් වුවත් රාජකීය තැපැල් කාර්යාලයක් අනාගතයට ඉතිරි කරන්න යන්න සටහන් කළ විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක නිරත වූ බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

ඉදිරි මාස දෙකේදී විදුලි බිල අඩු කරන්න පුළුවන් – අගමැති

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි – මුජිබර් (වීඩියෝ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල ඉදිරියට යාම වළක්වාලමින් කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...