29 C
Colombo
Saturday, May 4, 2024

ඉන්දියානු හමුදාවට පහරදීමට පාකිස්තාන කර්නල්වරයෙකු ත්‍රස්තවාදීන්ට මුදල් ලබා දුන් බවට චෝදනා

- Advertisement -

ජම්මු කලාපය ආසන්නයේ පාලන රේඛාවේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අල්ලා ගන්නා ලද ත්‍රස්තවාදියෙකු හරහා ඉන්දීය භූමිය තුළ ත්‍රස්ත ප්‍රහාර සඳහා පාකිස්තාන හමුදා කර්නල්වරයෙකුගේ සම්බන්ධතාවක් අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.

අල්ලා ගත් ත්‍රස්තවාදියා වන ටබරක් හුසේන්, පාකිස්ථාන ආක්‍රමණික කාශ්මීරයේ කොට්ලි දිස්ත්‍රික්කයේ, සබ්ස්කොට් ගම්මානයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටී.

හමුදා වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට පෙර හුසේන් ඉතා අසාධ්‍ය තත්ත්වයක සිටි බව වාර්තා වේ.

ඔහු සුවය ලැබීමෙන් පසු ප්‍රකාශ කර ඇත්තේ තවත් ත්‍රස්තවාදීන් හතර දෙනෙකු සමඟ ඉන්දීය සොල්දාදුවන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට තමා එවූ බවත් පාකිස්ථානු කර්නල් යුනුස් චෞද්රි විසින් ඒ සදහා මුදල් ගෙවූ බවත්ය.

මෙහිදී හුසේන්ට වෙඩි වැදී ඇති අතර ඔහුගේ සගයන් පලා ගොස් තිබේ.

ඔහු පවසා ඇත්තේ තම කණ්ඩායම පැමිණියේ ඉන්දියානු මුරපොලවලට පහරදීමට බවයි.

RECENT ARTICLES - SINHALA

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...