32 C
Colombo
Sunday, May 5, 2024

කටුනායක අධිවේගයේ පිවිසුමක් අසල මෝටර් රථයක් පෙරළිලා

- Advertisement -

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද (24) දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරළී ගොස් ඇති බව ‘ලංකාදීප’ වාර්තා කරනවා.

සිද්ධිය දුටු අයෙක් පවසා ඇත්තේ අධිවේගී මාර්ගය දෙස සිට ජාඇළ දෙසට ගමන් කරමින් තිබූ කාර් රථයක් එක් වරම මාර්ගයේ මැද ඇති දූපත කොටසෙහි වැදී පෙරළී මීටර් 20 ක් පමණ ඉදිරියට ඇදී ගිය බවයි.

අනතුර සිදු වීමත් සමග මෝටර් රථ ය පදවාගෙන පැමිණි අය ඉන් ඉවතට පැන ඇති අතර අනතුරින් කිසිවකුටත් තුවාල සිදු වී නැහැ.

මෙම ස්ථානයේ රථ වාහන පෙරලීම්වලින් සිදු අනතුරු හේතුවෙන් පුද්ගලයන් දස දෙනෙකු පමණ මින් පෙර අවස්ථාවලදී මරණයට පත්ව ඇති බවද එම ප්‍රදේශයේ ජනතාව පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...