28 C
Colombo
Thursday, May 2, 2024

සිමෙන්ති, ගෑස්, පාන්පිටි, කිරිපිටි මිල ඉහළට

- Advertisement -

ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුව යම් කිසි ආකාරයක මිල වැඩි වීමක් ඉදිරියේදී සිදුවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඒ, අද(21) රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නව Q-shop අලෙවි සලෙහි මෙහෙයුම් කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

තිරිඟු පිටි, කිරිපිටි, ගෑස් , සිමෙන්ති පිළිබඳව සාකච්ඡාවලින් පසු ලැබෙන තීරණය මේ සතියේ දැනුම් දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

කෙසේ නමුත්, මිල ඉහළ දැමීමේ දී පාරිභෝගිකයා ආරක්‍ෂාකරගැනීම සඳහා අදාල ආනයනික සමාගම්වලට දැඩි කොන්දේසි පැනවූ බවත් ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

මිල වැඩි කර මාස තුනක් යන තෙක් නැවත මිල වැඩි කිරීමට ඉල්ලීම් කිරීමට නොහැකි බවත් මිල ඉහළ දැමීමෙන් පසුව අඛණ්ඩව වෙළෙඳපොලට සැපයුම් කළ යුතු බවටත් ආනයනික සමාගම්වලට දන්වා ඇති බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...