33 C
Colombo
Sunday, May 5, 2024

ළමා ගබ්සාවකට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

- Advertisement -

ස්ත්‍රී දූෂණයකට ලක්වූ 14 හැවිරිදි දැරියකගේ මානසික සහ ශාරීරික යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා ඇයට ගබ්සාවක් සිදුකිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වෙසෙන 14 හැවිරිදි දැරියක් සඳහා ගබ්සාවක් සිදුකිරීමට අවසර ලබාදීම සඳහා සම්පූර්ණ යුක්තිය ඉටුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අප්‍රේල් 22 වැනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142 වගන්තිය යටතේ එහි බලතල භාවිත කර තිබෙන බවයි.

ලිංගික හිංසනයෙන් ගැබ්ගෙන ඇති ඇගේ කළලයට සති 30කට ආසන්න බවත්, ඇය තමා ගැබ්ගෙන ඇති බව දැනගෙන ඇත්තේ පසුව බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගැබ්ගැනීම අවසන් කිරීමේ (MTP) පනත මගින් විවාහක කාන්තාවන්ට මෙන්ම ස්ත්‍රී දූෂණයකට ලක්වූ අය ඇතුළු ආබාධිත සහ බාල වයස්කරුවන් වැනි විශේෂ කාණ්ඩවල සිටින අයට සහ වෙනත් අවදානමට ලක්විය හැකි කාන්තාවන් සඳහා ගබ්සා කළ හැකි සීමාව සති 24 ක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින් මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් සහන ලබා දීම දුර්ලභ බව පැවසෙනවා.

ඉන්දීය අගවිනිසුරු ඩී. චන්ද්‍රචුඩ් සහ විනිසුරු ජේ. බී. පර්දිවාලාගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් “වින්දිත බාල දැරියගේ කැමැත්තට එරෙහිව ඇය දිගටම ගැබ් ගෙන සිටීම ඇගේ ශාරීරික හා මානසික යහපැවැත්මට බලපෑ හැකිය” යන වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශයට එකඟ වී තිබෙනවා.

එමෙන්ම ගබ්සා ක්‍රියා පටිපාටියේ යම් අවදානමක් ඇති නමුත්, එය ගැබ් ගැනීමේ කාලය සම්පූර්ණ කළහොත් දරු ප්‍රසූතියේදී ඇති විය හැකි ජීවිත තර්ජනයට වඩා තර්ජනයක් නොවන බව වෛද්‍ය මණ්ඩලයේ මතය වූ බව අධිකරණය සඳහන් කර තිබුණා.

එමෙන්ම ගබ්සා ක්‍රියා පටිපාටිය, රැකවරණය සහ ඇයගේ පසු වියදම් දැරීමට ප්‍රාන්ත රජය එකඟ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ මුම්බායි මහාධිකරණය අප්‍රේල් 4 වැනිදා ලබාදුන් නියෝගයක් මගින් බාලවයස්කාර දැරියට සහන ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු දැරියගේ මව මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබු බවයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...