33 C
Colombo
Sunday, May 5, 2024

ChildFund Sri Lanka වෙතින් මඩකලපුව ප්‍රදේශයේ ජනතාවට ජලය සහ සනීපාරක්ෂක පහසුකම්

- Advertisement -

ChildFund Sri Lanka විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පාසල් සහ ප්‍රජාවන් හට ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබා දෙමින් ඔවුන්ගේ ජල අවශ්‍යතාවය සහ සනීපාරක්ෂක සෞඛ්‍ය කටයුතු සඳහා අඛණ්ඩව මැදිහත්වෙමින් වසර දෙකක ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කර ඇත.

එම ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා පැවති ජල හිඟය බරපතල ප්‍රශ්නයක්ව තිබිණි. යුද්ධයෙන් පීඩාවට පත් වූ මෙම ජනතාව නියඟයේ සහ ගංවතුරේ බලපෑම් සහ භූගත ජලය සිඳී ගොස් ජල මූලාශ්‍ර සීමිත වී යාම හේතුවෙන් තවදුරටත් ගැටළු වලට මුහුණ දුන්හ. පිරිසිදු ජලය නොමැතිකම හේතුවෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට හා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ද පීඩනයක් එල්ල වී තිබුණි.

ChildFund Sri Lanka සංවිධානය විසින් මෙම ජනතාවට ස්ථාන කිහිපයක පිරිසිදු පානීය ජල ව්‍යාපෘති සහ සනීපාරක්ෂක පහසුකම් සපයා දෙනු ලැබූ අතර ආන්තික හා අවදානමට ලක් විය හැකි දරුවන්ගේ සහ එම පවුල්වල සෞඛ්‍ය තත්ත්වයන් නගා සිටුවීමට පියවර ගනු ලැබීය. මඩකලපුව දිස්ත්‍රික්කයේ ළමුන් 5000ට වැඩි ප්‍රමාණයක් සහ වැඩිහිටි පුද්ගලයන් 8000කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත ගම්මාන හයක් සහ පාසල් 30ක් මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් විය.

‘මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසල්වල සහ ජනතාවට ජලය සහ සනීපාරක්ෂක කටයුතු සලසාදීමේ ව්‍යාපෘතියේ 2 වන අදියර’ යටතේ ප්‍රජා මූලික ජල සම්පාදන යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති අතර එමඟින් කොතියාපුලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් හට මේ වන විට ඔවුන්ගේ නිවෙස් වෙත සෘජුවම නල ජලය ලැබී තිබේ. වවුනතිව් කොට්ඨාශයේ පුහුණු මධ්‍යස්ථාන 06ක් සහ පාසල් 30ක් සඳහා ජලය සහ සනීපාරක්‍ෂක පහසුකම් ද මෙම ව්‍යාපෘතිය මඟින්  ලබා දී ඇත. නිසි සෞඛ්‍ය හා සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීමට කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහන් මඟින් එම පුරුදු ජනතාව අතර ප්‍රවර්ධනය කර ඇත.

ChildFund Sri Lanka සංවිධානයේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ දිනන්ත තඹවිට මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසිය. ”පාසල් තුළ පිරිසිදු පානීය ජලය සඳහා ඇති දුර්වල ප්‍රවේශයන්, සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම සහ යහපත් සනීපාරක්ෂක භාවිතයන් පිළිබඳ දැනුම නොමැති කම දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි අභියෝගයන් එල්ල කරන බව ChildFund හි අපට වැටහී තිබෙනවා. හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමෙන් වඩා හොඳ යහපත් සෞඛ්‍ය තත්ත්වයන් හා පාසල් කාර්ය සාධනයක් ළමුන් අතර ඇති කිරීමෙන් ඔවුන්ට උසස් ජීවන තත්ත්වයන්ට ලඟා වීමට බලාපොරොත්තු ඇති කර තිබේ.”

මෙම ව්‍යාපෘතිය සඳහා ChildFund New Zealand (රු. 66,053,668) විසින් අරමුදල් සපයනු ලැබූ අතර Action Unity Lanka ආයතනය සමඟ එක්ව ChildFund Sri Lanka විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.  Adventist Development and Relief Agency (ADRA) විසින් ChildFund Sri Lanka සහ Action Unity Lanka සමඟ එක්ව මෙම වැඩසටහන් සංකල්පය සැලසුම් කිරීම සිදු කරන ලදී.

”මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීමට හැකි වීම ගැන මම සතුටු වුණා. ස්ථාපිත කරනු ලැබූ සෞඛ්‍ය හා සනීපාරක්ෂක ඒකක මෙම දරුවන්ගේ සෞඛ්‍ය හා සුභසාධන කටයුතු සඳහා ඉතා වැදගත් වේවි. මෙම පරිත්‍යාග ලබාදීමට නවසීලන්තයට හැකිවීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මෙම දරුවන්ට සෞඛ්‍ය සම්පන්න අනාගතයක් උදාකරදීම වෙනුවෙන් සහය වීමට හැකිවීම පිළිබඳව මා සතුටු වෙනවා.” යැයි ශ්‍රී ලංකා නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා මේ සම්බන්දයෙන් සිය අදහස් දක්වමින් සඳහන් කළේය.

රාජ්‍ය ආයතනවල පාර්ශ්වකරුවන්, පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් (MOH) සහ මන්මුනෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද මෙම ව්‍යාපෘතියට සහයෝගය දැක්වූහ. Covid -19 වසංගතය සමයේ පාසල් සිසුන්ට ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කරනු ලැබූ කොළඹ Rotaract (Rotary) සමාජය ඇතුළු අනෙකුත් පරිත්‍යාගශීලීන්ගේ සහ අනුග්‍රාහකයන්ගේ සාමූහික උත්සාහය ද ව්‍යාපෘතියේ සාර්ථකත්වයට හේතු විය. LSEG Technologies, Connect 2012, United Book Center සහ චමල් කුරුප්පු, හසිති සමරසිංහ යන මහත්ම මහත්මීන්ගේ පුද්ගලික පරිත්‍යාග ද පාසල් දෙකක් සහ අක්ෂිලා අනුරංගි සහ මිතුරන් එක්ව පාසලකට ආධාර කළ අතර පාසල් සිසුන්ට ලිපි ද්‍රව්‍ය ද ප්‍රධානය කරනු ලැබූහ.

”පිරිසිදු ජලය, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂාව පිළිබඳ දැනුම ලබාදීම, සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇති කිරීමට සහ ඵලදායී ජීවිතයක් සඳහා මූලික අවශ්‍යතාවයන් වනවා. එසේම ජලය සහ සනීපාරක්ෂාව Rotary හි අවධානය යොමු කරන ප්‍රධාන ක්ෂේත්‍රවලින් එකක්. කොළඹ Rotaract සමාජය ලෙස, අපි සිසුන්ට ඔවුන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්මට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ආරක්ෂිත අයුරින් සනීපාරක්ෂාව සහ පිරිසිදු ජල ප්‍රවේශය ලබා දීම සඳහා ChildFund Sri Lanka සමඟ එක්ව කටයුතු කර තිබේ. එමඟින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ද  වැඩි අවධානයක් සහ කාලයක් ලබා දී තිබෙනවා. යටිතල පහසුකම් සහ පුහුණු වැඩසටහන් සඳහා වන අපගේ දායකත්වය, ඔවුන්ගේ ජීවිත වලට දිගුකාලීන වෙනසක් ඇති කරන අතර ඒ තුළින් අනාගත පරම්පරාවන්ට ප්‍රතිලාභ හිමිවීම සහතික කරනු ඇත” Rtr.PP හි උසාමා ලියාඋදීන්  සඳහන් කළාය.

මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයත් සමඟ ChildFund Sri Lanka සංවිධානය විසින් මොණරාගල දිස්ත්‍රික්කයේ ද පාසල් කිහිපයකට ජලය සහ සනීපාරක්‍ෂක පහසුකම් ලබාදීමට අදහස් කරන අතර, දරුවන් නිරෝගීව හා සුරක්ෂිතව තබා ගැනීම සඳහා ඔවුන්ගේ ව්‍යාපෘතියට එක්වන ලෙස පරිත්‍යාගශීලීන්ට ආරාධනා කරයි.

වසර මුලදී ආරම්භ කරනු ලැබූ ChildFund Sri Lanka හි ‘Sri Lanka Gives Back’ වැඩසටහන මඟින් COVID වසංගතය තුළදී රටේ පීඩාවට පත් වූ සියලුම ප්‍රජාවන්ට සහාය වන ව්‍යාපෘති කිහිපයක් සාර්ථක ලෙස අවසන් කෙරිණි. ChildFund Sri Lanka හි ‘1 to 1 match program’ වැඩසටහන සඳහා සහභාගී වන ලෙස පරිත්‍යාගශීලීන්ට ආරාධනා කෙරුණු අතර සෑම පරිත්‍යාගයක් සඳහාම ChildFund විසින් ඒ හා සමාන මුදලක් ලබා දීමට එහිදී පොරොන්දු විය.

ChildFund Sri Lanka සංවිධානය පසුගිය වසර 40 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ප්‍රමුඛතම ජාත්‍යන්තර ළමා සංවර්ධන සංවිධානයක් ලෙස අවදානමට ලක්විය හැකි දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවිත නගා සිටුවීමට කැපවී සිටී.  සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, පෝෂණය, අධ්‍යාපනය, තරුණ තරුණියන් රැකියාගත කිරීම හා ව්‍යවසායකත්වය වර්ධනය කිරීම, ආබාධිතයින් පිළිබඳ අවධානය සහ පාරිසරික ආපදා අවදානම අවම කිරීම, ළමුන් සහ තරුණයන්ගේ නිරෝගිමත් බව වර්ධනය කිරීම යන ක්ෂේත්‍රවල ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ පූර්ණ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ChildFund Sri Lanka සංවිධානය මෙරටේ දිස්ත්‍රික්ක 10 කට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක වේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...