33 C
Colombo
Sunday, May 5, 2024

චීනයේ කොවිඩ් රෝගීන් ඉහළට; බීජිං නගරයට ඇතුල්වීමේ නීති දැඩි කරයි

- Advertisement -

බීජිං ඇතුළු චීනයේ කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යාම නිසා කොවිඩ් වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් දිස්ත්‍රික්කවල ව්‍යාපාර සහ පාසල් වසා දැමීම සහ බීජිං නගරයට ඇතුළු වීමේ දී නීති දැඩි කර ඇති බව වාර්තා වේ.

චීනය මධ්‍යම හෙනාන් පළාතේ ෂෙන්ෂු සිට නිරිත දෙසින් චොංකිං දක්වා කොවිඩ්-19 අසාදිතයින් රැසක් වාර්තා වී ඇති අතර පසුගියදා නව දේශීය රෝගීන් 26,824 ක් වාර්තා කළ අතර එය අප්‍රේල් මාසයෙන් පසු රටේ දෛනිකව වාර්තා වූ ඉහලම අගයයි.

බීජිං හි කොවිඩ් මරණ දෙකක් ද වාර්තා කර ඇති අතර එය මැයි අග සිට චීනයේ වාර්තා වූ පළමු අවස්ථාව විය.

චීනයේ මෑත කාලීන කොවිඩ් ව්‍යාප්තියෙන් විශාලතම බලපෑම එල්ල වී ඇත්තේ මිලියන 19 කට ආසන්න ජනගහනයක් සිටින දකුණු නගරයක් වන ගුයෑග්ෂු ප්‍රදේශයේයි.

එහි වඩාත්ම ජනාකීර්ණ දිස්ත්‍රික්කය වන බයියුන් සඳහා දින පහක් අගුලු දැමීමට නියෝග කර තිබේ.

චීනයේ තීව්‍ර වන කොවිඩ් තත්වයෙන් ආර්ථික බිඳවැටීම පිළිබඳ ආයෝජකයින්ගේ කනස්සල්ල මධ්‍යයේ ආසියානු කොටස් වෙලඳපොලවල් සහ තෙල් මිල පසුගියදා පහත වැටුණි.

බීජිං ඉරිදා නව ආසාදන 962 ක් වාර්තා කළ අතර එය දිනකට පෙර 621 සිට ඉහළ ගොස් ඇති අතර සඳුදා පළමු පැය 15 තුල තවත් රෝගීන් 316 ක් වාර්තා විය.

නගර බලධාරීන් පැවසුවේ චීනයේ වෙනත් තැන්වල සිට අගනුවරට පැමිණෙන පුද්ගලයින්ට තම නිවෙස්වලට හෝ නවාතැන්වලට යාමට අවසර දීමට පෙර දින තුනක කොවිඩ් පරීක්ෂණවලට භාජනය විය යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...