29 C
Colombo
Tuesday, May 7, 2024

බොරු කියා අන්තරාදායක ද්‍රව්‍ය නැව්ගත කරන බවට චීන සමාගම්වල‍ට චෝදනා

- Advertisement -

චීන සමාගම් විසින් නිසි ඇසුුම් ප්‍රමිතීන් අනුගමනය නොකර අන්තරාදායක ද්‍රව්‍ය නැව්ගත කිරීමේ යෙදෙන බවට චෝදනාවක් එල්ල වී තිබේ.

විශේෂයෙන්, අන්තරාදායක පුපුරා යාහැකි ද්‍රව්‍ය ඇතුළත් පොහොර ආදිය මෙලෙලෙනැව් ගත කෙරෙන බව සදහන් වේ.

මෙවැනි දෑ නැව්ගත කිරීමේදී අන්තර් ජාතික නාවික ප්‍රවාහන කේත නිසි පරිදි යෙදිය යුතු වුවත් චීන සමාගම් ඒ පිළිබද නිසි සැලකිල්ලෙන් කටයුතු නොකරන බවට චෝදනා එල්ල වී තිබේ.

එහිදී අන්තරාදායක ද්‍රව්‍ය පිළිබද දත්ත නිසි පරිදි සටහන් නොකරන බවටත්, ඇතැම් දත්ත හිතාමතා සගවන බවටත් චෝදනා එල්ල වී ඇත.

පසුගිය වසරේ ජූලි මාසයේදී නිව් චයිනා කෙමිකල්ස් සමාගම විසින් චීනයේ ටියැන්ජින් වරායේ සිට දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය වෙත නැව්ගත කර තිබූ බහාලුම් තොගයක් සම්බන්ධයෙන් වැරදි දත්ත ඉදිරිපත් කිරීම හේතුවෙන් මහත් ව්‍යසනකාරී තත්වයක් හටගත් බව ද සදහන් වේ.

එහිදී අදාළ බහාලුම්වල අඩංගු ද්‍රව්‍ය සෝඩියම් මෙටාබයිසල්පේට් ලෙස සදහන් කර තිබුණත් එහි සැබැවින්ම අන්තරාදායක රසායන ද්‍රව්‍ය හයක් අඩංගුවව තිබූ බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...