33 C
Colombo
Sunday, May 5, 2024

චීනය කලා ශිල්පීන්ට අලුතින් නීති දමයි

- Advertisement -

ූපවාහිනී නාට්‍ය ඉලක්ක කරගෙන චීනය විසින් හදුන්වාදුන් නව නීති පද්ධතියක් හරහා එරට කලාකුවන්ට දැඩී සීමා පනවා ඇතැයි වාර්තා වේ.

චීන රජයේ ගුවන්විදුලි හා රූපවාහිනි පරිපාලනය විසින් පසුගියදා හදුන්වා දුන් රූපවාහිනී නාට්‍ය ඉලක්ක කරගත් සංවර්ධන සැලැස්ම යටතේ මෙම සීමා කිරීම් ක්‍රියාත්මක වේ.

එහිදී රංගන ශිල්පීන්ගේ මුළු ගෙවීම් ප්‍රසංගයක නිෂ්පාදන පිරිවැයෙන් 40% නොඉක්මවිය යුතු බවත් ප්‍රධාන රංගන ශිල්පීන්ගේ ගෙවීම් සමස්ත රංගන ශිල්පීන්ගේ මුළු ගෙවීම්වලින් 70% නොඉක්මවිය යුතු බවත් නියම කර ඇති බව ග්ලෝබල් ටයිම්ස් වාර්තාවක දැක්වේ.

නීතිවිරෝධී සහ සදාචාර විරෝධී ක‍ටයුතුවල නිරත වන කලාකරුවන්ට රූපවාහිනී නාට්‍යවල පෙනී සිටීම තහනම් කිරීමට ද මෙමගින් පියවර ගෙන ඇති අතර රූපවාහිනී නාට්‍ය ක්ෂේත්‍රයේ තැරැව්කරුවන් සහ තැරැව්කාර සමාගම් නියාමනය කිරීමට මෙන්ම ක්ෂේත්‍ර‍යේ නීති රෙගුලාසි කඩකරන්නන් සඳහා දඬුවම් ක්‍රියාත්මක කිරීම‍ට ද මෙමගින් නිර්දේශ කර තිබේ.

මූලිකව රූපවාහිනී කතා මාලාවන් ඉලක්ක කර ගත යුත්තේ මාතෘභූමිය හා වීරයන් වර්ණනා කරන කෘති එළිදැක්වීම සහ චීන කොමියුනිස්ට් පක්ෂය විසින් රට පාලනය කිරීම පිළිබඳ තේමාවන් ප්‍රවර්ධනය කිරීම‍ට බව ද එහි දැක්වේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...