චීනය කිසි විටෙකත් ඉන්දියාව උපායමාර්ගික ප්‍රතිවාදියෙකු හෝ උපායමාර්ගික තරඟකරුවෙකු ලෙස නොසලකන බව බංග්ලාදේශයේ චීන තානාපති ලී ජිමිං පවසා තිබේ.
ඩකා හි මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තානාපතිවරයා පැවසුවේ ඕනෑම ආර්ථික, භූ දේශපාලනික සහ වෙනත් ගැටළු විසඳීමට ඉන්දියාවට සහ චීනයට සමීපව කටයුතු කළ හැකි බවයි.
මෙම ප්‍රකාශය පැමිණෙන්නේ ඉන්දියාව සහ චීනය යන දෙපාර්ශ්වයම භූ දේශපාලන උගුලෙන් මිදී අතීතයට වඩා වෙනස් නව මාවතක් සොයා ගත යුතු බව ඉන්දියාවේ චීන නියෝජිත සන් වෙයිඩොං ප්‍රකාශ කර දින කිහිපයකට පසුව වීම විශේෂත්වයකි.
2019 ජූලි මාසයේදී ඉන්දියාවේ චීන තානාපති ධූරයට පත් වූ සන්, සිය සමුගැනීමේ ප්‍රකාශයේදී, දෙපාර්ශ්වය අතර මතභේද විසඳා ගැනීමේ අවශ්‍යතාවය සහ අනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මූලධර්මය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.
චීනය සහ ඉන්දියාව අතර යම් යම් මතභේද ඇති වීම ස්වභාවික නමුත් ප්‍රධාන වන්නේ වෙනස්කම් හසුරුවන්නේ කෙසේද යන්න බව ඔහු එහිදී පැවසීය.
භේවලට වඩා දෙරටේ පොදු අවශ්‍යතා විශාල බව දැන සිටිය යුතු බව චීන නියෝජිතයා එහිදී කියා සිටියේය.
2020 අප්‍රේල් මාසයේ සිට, ඉන්දියාව සහ චීනය ඉන්දීය-චීන දේශසීමා ප්‍රදේශවල තත්ත්වය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික හා හමුදා මට්ටමේ රැස්වීම් වට කිහිපයක් පවත්වා ඇති අතර ඒවා යම් සාර්ථක බවක් ද පෙන්වා තිබේ.