30.2 C
Colombo
Saturday, April 27, 2024

චීනය සහ පකිස්තානය නව න්‍යෂ්ටික ගිවිසුම හරහා නව අර්බුදයක්

- Advertisement -

චීනය සහ පකිස්තානය අතර අත්සන් තැබූ නව න්‍යෂ්ටික ගිවිසුම හේතුවෙන් ලෝකයේ න්‍යෂ්ටික තරඟය නව අර්බුදකාරී තරගයකට අවතීර්ණ වනු ඇති බවට වාර්තා පළව තිබේ.

චීනය සහ පකිස්තාන පසුගියදා න්‍යෂ්ටික බලශක්ති සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබූ අතර එය වසර දහයක කාලයක් සදහා වලංගු වේ.

මෙහිදී න්‍යෂ්ටික තාක්ෂණය හුවමාරු කරගැනීම, යුරේනියම් කැණීම සහ සැකසීම, න්‍යෂ්ටික බලශක්ති සැපයුම සහ පර්යේෂණය වැනි ක්⁣ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන භුදේශපාලනික විචාරකයන් සදහන් කරන්නේ මෙම චීන පකිස්තාන ඒකාබද්ධ න්‍යෂ්ටික ප්‍රවේශය හරහා ඉන්දියාව ද සිය න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පුලුල් කරනු ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු ආසියාවේ න්‍යෂ්ටික බල තරඟය වෙනස්ම මුහුණවරකට අවතීර්ණ වනු ඇති බව එම විශ්ලේෂකයෝ වැඩිදුරටත් සදහන් කරති.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ආසන වෙන් කිරීමත් අවුලක

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා...

මැණික් ගරමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී මරුට

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින්...

අනුර අද ස්වීඩනයේදී ජනහමුවකට

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද පස්වරු 6.00ට පමණ...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...