29 C
Colombo
Saturday, May 4, 2024

මාස එකහමාරකදී චීනයෙන් කොවිඩ් මරණ 60,000ක්

- Advertisement -

චීනය සිය දැඩි “ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය” පසුගිය වසරේ දෙසැම්බර් 07 වන දින ඉවත් කිරීමෙන් පසු, කොවිඩ් -19 ආශ්‍රිත මරණ 60,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව චීනය පසුගියදා නිවේදනය කළ බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම උපුටා දක්වමින් ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව 2022 දෙසැම්බර් 8 සිට මේ වසරේ ජනවාරි 12 දක්වා කාලය තුළ කොවිඩ්-19 ආශ්‍රිත මරණ 59,938 ක් අනාවරණය කර ඇති අතර, දෙසැම්බර් 07 වන දින කොවිඩ් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම නිසා රෝගීන්ගේ වැඩිවීමක් සිදුව ඇති බව වාර්තා කර ඇත.

කොවිඩ් -19 දත්ත හෙළි කළ සෞඛ්‍ය කොමිෂන් සභාවේ නිලධාරියෙකු පවසා ඇත්තේ, එම කාලය තුළ මියගිය අයගේ සාමාන්‍ය වයස අවුරුදු 80 ක් වන අතර, මරණ වලින් සියයට 90 ක් වයස අවුරුදු 65 ට වැඩි අය සහ සියයට 56.5 ක් වයස අවුරුදු 80 ට වැඩි අය බවයි. 

වාර්තා වූ කොවිඩ්-19 මරණ 59,938 අතුරින්, 5,503 ක් වෛරසය නිසා ඇති වූ ශ්වසන අකර්මන්‍යතාවය සිදුව ඇති අතර, මරණ 54,435 ක් වසංගත ආසාදන සමඟ සන්කූලතා හේතුවන් සිදුව ඇති බව පැවැසේ.

චීන සෞඛ්‍ය නිළධාරීන් පවසා ඇත්තේ, ශීත ඍතුව යනු බොහෝ විට වැඩිහිටියන්ට බලපාන ශ්වසන සහ වෙනත් රෝග ව්‍යාප්තවන සමය බවත්, එබැවින් වයෝවෘද්ධ පුද්ගලයන්ගෙන් සාපේක්ෂව විශාල සංඛ්‍යාවක් වර්තමාන වසංගත රැල්ලට ගොදුරු වී ඇති බවත්ය.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...