චීනයේ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතාවයේ යෙදෙන ෂෙන්ග්ෂු (Zhengzhou) හි පිහිටි ලොව විශාලතම iPhone කර්මාන්ත ශාලාව වන ෆොක්ස්කොන් (Foxconn) හි කම්කරුවන් දරුණු මර්දනයකට ලක්කෙරෙන බව වාර්තා වේ.
නව ප්‍රතිපත්ති යටතේ සේවකයන්ට කර්මාන්ත ශාලාව තුළ රැඳී සිටීමට බල කෙරෙන බවට චෝදනා කරමින් මෙම විරෝධතා ආරම්භ වී තිබේ.
විරෝධතාවයේ යෙදෙන ෆොක්ස්කොන් කම්කරුවන්ට ආරක්ෂිත ඇඳුම්වලින් සැරසුණු පොලිස් නිලධාරීන් විසින් පහර දෙන ආකාරය පෙන්නුම් කෙරෙන දර්ශන මේ වන විට අන්තර්ජාලය ඔස්සේ සැරිසරමින් පවතී.
මෙහිදී කම්කරුවන් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බව ද සදහන් වේ.
ෂෙන්ග්ෂු කම්හලේ මෙම සේවක ගැටලු හේතුවෙන් iPhone නිෂ්පාදනය සියයට 30ක් තරම් පහත වැටීමට හේතු විය හැකි බවට ද වාර්තා පළවී ඇත.