29 C
Colombo
Saturday, May 4, 2024

කොවිඩ් නිසා චීනයේ කර්මාන්තශාලා බිඳවැටේ

- Advertisement -

චීනයේ කොවිඩ් වසංගතය සීමා ඉවත් කිරීමෙන් පසු, වැඩිවන කොරොන ආසාදන නිසා නිෂ්පාදනය කඩාකප්පල් වී ඉල්ලුම අධික වීම හේතුවෙන්, පසුගිය දෙසැම්බර් මාසයේදී චීනයේ කර්මාන්තශාලා ක්‍රියාකාරකම් තියුණු වේගයකින් පහත වැටී ඇති බව සමීක්ෂණයක් අනාවරණය කරයි.

Caixin/Markit නිෂ්පාදන මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකයට අනුව 2022 නොවැම්බර් මාසයේ පැවති එහි 49.4ක්වූ අගය දෙසැම්බර් මාසයේදී 49 දක්වා පහත වැටී තිබේ. එය ප්‍රතිශතාත්මකව කුඩා අගයක් ලෙස පෙනුණද, සමස්ත ක්‍රියාකාරිත්වය අතින් විශාල බලපෑමක් ලෙස සැළකේ.

මීට පෙර මෙම දර්ශකය අඛණ්ඩව මාස පහක් තිස්සේ වර්ධනය 50-ලක්ෂ්‍යයට වඩා ඉහලින් පැවත තිබේ. Caixin සමීක්ෂණය චීනයේ ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදෙන කුඩා සහ අපනයන නැඹුරු සමාගම් කෙරෙහි වැඩි අවධානය යොමු කරනු ලබයි.

දෙසැම්බර් මස මුලදී චීනයේ කොවිඩ් ප්‍රතිපත්ති ලිහිල් කිරීමෙන් පසු, දැන් ඉහළ යන ආසාදිතයන් සමඟ චීන නිෂ්පාදකයන්ට අභියෝග වලට මුහුණදීමට සිදු වී තිබේ. සමීක්ෂණයට අනුව සමස්තයක් වශයෙන්, වසංගතය දෙසැම්බර් මාසයේදී ආර්ථිකයට දිගින් දිගටම බලපෑ ඇත.

සැපයුම සංකෝචනය වීම, මුළු ඉල්ලුම දුර්වලව පැවතීම, විදේශීය ඉල්ලුම හැකිලීම, රැකියා පිරිහීම, සැපයුම් මන්දගාමී වීම, මිලදී ගැනීම් ප්‍රමාණය මෙන්ම බඩු තොග අඩු මට්ටමක පැවතීම ඊට හේතුවයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...