26 C
Colombo
Monday, May 6, 2024

බලාපොරොත්තු බිඳ දමන චීන ආර්ථික ප්‍රකෘතිය

- Advertisement -

මාස හයකට පෙර දැඩි කොවිඩ් සීමාවන් ලිහිල් කර දේශසීමා නැවත විවෘත කිරීමෙන් පසු චීනය ඉක්මන් ආර්ථික ප්‍රකෘතියක් අපේක්ෂා කළේය.
කෙසේ වෙතත්, දුර්වල බාහිර ඉල්ලුම හේතුවෙන් චීනයේ බලාපොරොත්තු සුන් වී ඇති බව චැනල් නිව්ස් ඒෂියා වාර්තා කළේය.

මාර්තු සහ අප්‍රේල් මාසවල චීනය ධනාත්මක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කළද, මෙය සම්පූර්ණ පින්තූරය නොවන බව ආර්ථික විද්‍යාඥයින් අනතුරු ඇඟවීය.

චැනල් නිවුස් ඒෂියා වාර්තාවට අනුව, එක්සත් ජනපදය සහ චීනය අතර වෙළඳ ආතතීන් ද ව්‍යාපාර අතර කනස්සල්ලට හේතු වී තිබේ.

ඔන්ලයින් ලොජිස්ටික් වේදිකාවේ Container xChange නිර්මාතෘ Christian Roeloffs පවසා ඇත්තේ චීනයේ වරායන්හි අතිරික්ත බහාලුම් සැලකිය යුතු ප්‍රමාණයක් නිරීක්ෂණය කර ඇති බවයි.

ව්‍යාපාර සම්බන්ධයෙන් තමන් ගන්නා තීරණවල එකම සාධකය මිල නොවන බව ඔහු සඳහන් කළේය.

චීනයේ මාසික අපනයන වර්ධන සංඛ්‍යා මන්දගාමී වීමක් දක්නට ලැබෙන බව වාර්තාව පවසයි.

ING බැංකු අනාවැකියට අනුව, 2023 දී චීනයේ අපනයනවල වර්ධනයක් අපේක්ෂා නොකෙරේ.

“මෙය චීන දේශීය ආර්ථිකය ඉහළ නොගිය නිසා නොවේ, එයට හේතුව මන්දගාමී වන බාහිර වෙළඳපලයි.” ආර්ථික විද්‍යාඥ Iris Pang පැවසුවාය

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...