28 C
Colombo
Sunday, May 5, 2024

චීනයේ ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය අසාර්ථක බවට යළි අවධාරණය කෙරේ

- Advertisement -

චීනයේ විවිධ නගරවල තවමත් කොවිඩ් වෛරසයේ නව අවස්ථා සොයා ගන්නා බැවින් චීන රජයේ ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බව විශේෂඥයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනයේ ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය නිසා පුරවැසියන් දහස් ගණනකට අමානුෂික තත්වයන් යටතේ ජීවත් වීමට සිදු වී ඇති බව ෂැංහයි වැසියන් පිරිසක් පවසා ඇත.

චීන පුරවැසියන් දැනටමත් කොවිඩ් අගුලු දැමීමේ වේදනාව විඳදරාගෙන ඇති අතර දැන් ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය නැවත ක්‍රියාත්මක වීමෙන් පසු, එම වේදනාව යලි විදීමට සිදුවීම ගැන ඔවුන් බියට පත්ව සිටින බව අප්‍රිකානු ඩේලි ඩිජිටල් පුවත්පත වාර්තා කර තිබේ.

රජයේ ආයතන දැනටමත් ෂැංහයිහි මිලියන 1.3 ක ජනතාවකට සමූහ කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුවීමට නියෝග කර ඇති අතර ප්‍රතිඵල නිකුත් වන තුරු ඔවුන්ට නිවෙස් තුළ රැඳී සිටින ලෙස නියෝග කර ඇත.

ෂැංහයි හි සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන ඩිස්නි නිකේතනයේ මෙහෙයුම් දැනුම්දීමකින් තොරව අත්හිටුවා ඇති අතර අමුත්තන්ට සහ අවට ජීවත් වන ජනතාවට දැඩි ක්‍රියාමාර්ගවලට යටත් වීමට සිදුව ඇති බව ද සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...